06.

98 21 17
                                    

"මහත්තයා බොන්න මොනාහරි හදන් එන්නද?"

"එපා . ලීලාට යන්න පුලුවන් දැන්?"

"හා මහත්තයා. මං කුස්සියෙ ඉන්නවා මහත්තයාට උවමනාවක් උනොත් මට කතා කරන්න."

"හ්ම් "

මං උන්නෙ කාමරේ බැලකනි එක උඩ ඒ රූපෙ දිහා බලාගෙන මගෙ ටිකට් කපලා අදට දවස් තුනක් ගිහින් දොස්තරගෙ බලකිරිල්ල නිසාම මට දවස් ගානක් ඇදෙන් බහින්නැතුව ඉන්න උනා.ලීලා යන්න ගියා මං තාමත් බැල්කනියෙ ගරාදි වැටට හේත්තු වෙලා අඩ නිරුවතින් වාහනෙ හෝදන ඌ දිහා බලාගෙන හිටියා .උබට දැනෙනවද මං උබ දිහා බලාගෙන ඉන්නෙ අඩුම එකපාරක්වත් උඩ බලපං .මං හිතුවෙම එහෙම ...ඒත් මගෙ ඇස් පවා එක තප්පරේකට ගැස්සිලා ගියා.හ්ම් ඌ බැලුව මං නොහිතපු වෙලාවක ඌගෙ ඒ බය කියන දේ අදුරන්නෙවත් නැති ඇස් මං දිහා එක එල්ලෙ බැලුවා. ආයෙ එහෙ මෙහෙ බැලිලි නෑ කෙලින්ම බැලුවෙ මගෙ ඇස් දිහා.ආයෙමත් ඒ ඇස් .මාව අතරමං කෙරුවා මුහුද වගේ ගැඹුරුයි නෑ ඊටත් වඩා කියන්න තේරෙන්නෑ .මං වශි වෙලා හ්ම් ඒ ඇස් අස්සෙ මං මාවම දැක්කා .තප්පරයක් දෙකක් වේලාව ගැන දන්නෑ අපි ඔහේ බලං උන්නා.ඒ ඇස්වල තිබ්බෙම හිස් ගැඹුරක් වෙද්දී මං අහක බලා ගත්තා .ඇයි ඇයි මං උබට මෙච්චර නැමෙන්න ඕනෙ මෙවන් උබ ඇත්තටම කවුද බං? අර හැමෝම කියනවා වගේ උබද මගෙ පතන් ආපු එකා .

*
*
*
*
*
*

"ඈන්ගල් එක වෙනස් කරන්න රයිට් පර්ෆෙකට් ඔහොම ඉන්න"

"එයා ලස්සනයි නේද?"

"ඇයි උබට කැමැත්තක්වත් ඇති වෙලාද?"

"කවුද බං ඒ වගෙ කෙනෙක්ව අතාරින එකා .බලපංකෝ එයා දිහා මාවනං පිස්සු වැටුනා.උගෙ මොනවද අඩු බලපං සල්ලි අතු යකෝ"

"බලං ඉදපං ඌ ඇවිත් කැන්දන් යනකං .ඇයි උබ දන්නැද්ද පොර කොලුකාරයෙක් කියලත් සමහර උන් කියනවා "

"ඊයා මොකක් සිරාවට.මටනං හිතෙන්නෑ මිනිස්සුන්ට මොනා නොකියන්න බැරිද බං?"

"හ්ම්. ඕවාගෙ ඇත්ත නැත්ත කවුද බං දන්නෙ .මේ උබ එහෙම ඕවා කාටවත් කියලා අහුවෙන්න එපා ඇ අන්තිමට අපේ රස්සවත් ගහලා යන වැඩ "

"පිස්සුද බං මං මොකාට කියන්නද?.මෙන්න මෙහෙ වරෙන් අරූ කතා කරනවා"

ThE  LaSt ChApTeR  [Yizhan]Where stories live. Discover now