Episode 36

71 18 4
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" උබ HP ට බැල්ම දැම්මට වැඩක් නෑ බන් HP යාලුවෙලා ඉන්නේ trinity එකේ අයියා කෙනෙක් එක්ක. ඕක මුලු ඉස්කෝලෙම දන්නවනේ. "

" ඒ යාලුවෝ විතරයි වෙන්න ඇති. "

" උබ දන්න පකක් නෑ බන්. ඒක නෙවේ උබ OL වලින් කොහේ ඉදන්ද ආවා කිව්වේ. "

" සෙන්ට්‍රල් එකේ ඉදන් ඇයි. "

ඒත් එක්කම මුලු ගොඩනැගිල්ලම වගේ නිශ්ශබ්බ උනේ ප්‍රින්සිපල් එන නිසා නෙවේ පහලින් එන දෙන්නව දැකලා. පිරිමි පාසලක HP ට වගේම DHP ට තියෙන්නේ ප්‍රින්සිපල්ට වගේම සම තැනක් සමහර විට HP ට කොල්ලෝ ප්‍රින්සිපල්ට වඩා බයයි. සමහරු HP ව දැක්කත් බිම බලාගන්න සයිස් එකේ තැනක් පිරිමි පාසලක HP ට තියෙන්නේ ඕක ගැහැණු පාසලකනම් ඉතින් ඔයිට වෙනස්.

" මේ ඇයි. "

" HP , DHP එනවා ඇති පහලින් එහෙම උනහම තමා මෙහෙම මුලු බිල්ඩිං එකම සයිලන්ට් වෙන්නේ. "

" එච්චරටම දරුණුද. "

" ප්‍රින්සිපල්ට වඩා කොල්ලෝ යසස් අයියටයි හසෙල් අයියටයි බයයි. "

ඉතින් යසස් එක්ක හසෙල් කොරිඩෝ එකේ කෙලවරින් මතු උනේ මෙච්චර වෙලාම උලු ගැලවෙන්න තරම් හයියෙන් කෑ ගහපු කොල්ලෝ මීක් නැතුව පොත් පෙරලන් ඉද්දි. ඉතින් කෙලින්ම ආපු හසෙල් යසස් දෙන්නා නැවතුනේ 12 - A එක ලගින් වෙද්දි ගුරුවරයෙක් නොහිටිය පංතියේ ලමයි පොත් පෙරලන් ඔහේ හිටියේ කෑ ගහන්න බැරි නිසා කියලා දන්න හසෙක්ට කට කොනේ හිනාවක් ගියේ කිසිම හිනාවක් නැති මූණකින් යසස් පංතිය ඇතුලට එද්දි.

" කව්ද මෙතුසර සිහිලැල් කියන්නේ. "

" ම්..ම්..මම අ..අය්..යියේ. "

පිටිපස්සෙම පෙලියේ කොල්ලෙක් නැගිට්ටේ යසස් පංතිය ඉස්සරහට ගිහින් සද්දෙන් අහද්දි වෙද්දි යසස්ට ඒ මූණ හොදට මතක තිබ්බේ උදේ ඇගේ හැප්පුනේ මේ කොල්ලා නිසා. අහිංසකපාට තිබ්බට ඇස් වල මුරණ්ඩුකම බේරෙද්දි යසස් ඒ ඇස් දිහා එක එල්ලේ බලාන් හිටියේ ඒ ඇස් කලබලෙන් බිම බලාගනිද්දි.

" දසනායක සර් තමුන්ට එන්න කිව්වා ගිහින් බලනවා. "

යසස් උත්තරයක් බලාපොරොත්තු නොවීම එතනින් එන්න ආවේ අර කොල්ලා යාලුවා දිහා බලලා ආයෙත් දොර දිහා බලලා යාලුවා දිහා බලද්දි. සර් කව්ද ඉන්නේ කොහෙද කියලවත් නොකියපු යසස් යන්න ගියේ මෙතුසර යාලුවා දිහා බලලා මොකද කරන්නේ කියලා අහද්දි. ඒ එක්කම මෙතුසරගේ යාලුවත් නැගිට්ටේ ඔය කියන දසනායක සර්ව හොයාන් යන්න. Art එකේ ඉදන් පල්ලට බැහැලා ටිකක් දුර යද්දි තවත් prefect ලා ටිකක් වට කරන් මොනාද කියන යසස්ව දැක්කේ මෙතුරස දුවලා ගිහින් පිටිපස්ස හැරිලා හිටපු යසස්ට ඇගිලිතුඩු වලින් ඉස්සිලා උරහිසට පොඩි තට්ටුවක් දාද්දි. උරහිසට දැනුන තට්ටුව නිසාම යසස් පිටිපස්ස හැරිලා බලද්දි යසස් දැක්කේ උදේ ඇගේ හැප්පුන කොල්ලාව වෙද්දි කොල්ලා යසස්ගේ පපුවටත් ටිකක් පහලට වෙන්නයි උස තිබ්බේ. ඔව් එයා ලස්සන බිම් මලක්.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now