Episode 37

79 17 17
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

" ඌ ඇවිත් ඒ කියන්නේ. "

" බලාන් ඉමුකෝ මොකද වෙන්නේ කියලා. "

සමහර විට මේ සතුටින් ගෙව්ව කාලේ අවසානය වෙන්න පුලුවන් එහෙමත් නැතිනම් නරක කාලයක ආරම්භයක් වෙන්න පුලුවන්. හැංගිලා ගිය රහස් එකින් එක වාන් දාන් පිට පනිද්දි තවත් හංගන්න තරම් දෙයක් නැති වෙද්දි ඉස්කෝලෙටම ප්‍රසිද්ධ රහසක් අද ඇස් ඉස්සරහා ආයෙත් පණ ගහනවා. ඉතින් නිකන් බලාන් ඉන්න ඕනද. නැහැ. යසස් ඇතුලේ ඉන්න තේනුල්‍ය කියන චරිතේ යසස්ට ඕන උනත් සාමකාමි වෙන්න තේනුල්‍ය කවදාවත් සාමකාමි උනේ නැහැ. අන්න ඒකයි යසස් තේනුල්‍ය අතර තියෙන වෙනස.

" කෝච් මොකද කිව්වේ. "

පැවිලියන් එකට වෙලා ඉදන් උන්නු සිහේල ලගට යසස් හසෙල් ලිහේෂ තුන් දෙනා ආවේ ඉන්ටවල් එක වෙලාවේ කෑම හතරත් උස්සන්. ඉතින් කන ගමන්ම දැක්ක දේ ගැන සිහේල යසස්ට කියද්දි තවත් ඒ කතාව දුර දිග අදින්න ඕන නැති නිසාම හසෙල් ඇහුවේ යසස්ගෙන් උදේ කෝච් කතාකරපු එක ගැන.

" හෙට ඉදන් practice එන්න කිව්වා. හෙට ඉදන් මම එද්දි පරක්කු වෙයි. කොල්ලොන්ගේ duty බලන්නවා හරිද. "

" ඒවා ඕකේ. මට හිතුන දෙයක් කියන්නද. "

" මොකක්ද. "

" අපි මාමාගේ කතාව තව ටිකක් හොයලා බැලුවොත් නරකද. "

" ඒකනම් මටත් හිතුනා. ඒත් ඩොක්ටර් හර්ශගෙන් ඇහුවට වැඩක් නෑ. මම හිතන්නේ ඔය හැමදේම කුමාර් දන්නවා. "

" කුමාර්. "

අනලා කටට දාගන්න ගිය බත් කට කටට දාගන්න බැරි උනේ යසස් කිව්ව හරුපේ අහලා වෙද්දි සිහේල අයෙත් ඒ නමම රිපීට් කලේ යසස් ඔලුව වනද්දි. අයියා කිව්වට කුමාර් කියන්නේ අවුරුදු 30ක් වෙන කොල්ලෙක්. ඉතින් අවුරුදු කිහිපයක් මෙතුලට වඩා බාල උනාට ඔය හැමදෙම ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදිහට කුමාර් තවමත් ජීවත් වෙනවා.

" කුමාර් කියයිද. "

" අපි ඇහුවොත් එයාට නොකියා ඉන්න බැහැ. "

ඉතින් සමහර දේවල් වලලන්න වලලන්න උඩට මතු වෙනවා හරියට මෙතුලගේ කතාව වගේ. හැබැයි මුලු ලෝකයක් දන්නවා පටන් ගැන්ම කොච්චර ලස්සන උනත් අවසානය හරිම කේදනීයයි කියලා. මෙතුලට ඕන උනේම ඒ කේදනීය අවසානය වලලා දාන්න. හරියට තමන්ගේ ආදරේ වගේම.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now