6 කොටස

154 18 2
                                    

" නුබේ ඇස් මා දැකලා
නුබ ලගටම ආවේ
කවුරුන්දෝ නොදනිමි මං
නුබවම මා පැතුවේ "

චයිනා හෝල් එකම දෙදරන සයිස් එකට සිංදු කියනකොට මම හිටියේ කලු පාට තීන්ත වල පත්තර කොළ පොගෝ පොගෝ සනුග අතට දෙන ගමන්

සෙනසුරාදා ඉරිදා දවස් දෙකත් නිවාඩු කියලා නොබලා කොමස් ඩේ එක වෙනුවෙන් මැරුනු අපි දැන් ඉන්නේ කොමස් ඩේ එකට කලින් දවසේ වෙනකොට දැන් නම් බොහෝ දුරට වැඩ ඉවරයි.. තීම් එක හොරර් නිසා මකුලුවොයි මකුලු දැලුයිනුත් එල්ලන්න ඕනමයි කිව්ව අපේ උන්, දැන් මේ මකුලුවොයි දැලුයි බදිනවා..

කට්ටියක් ලනු කෑලි අරන් මකුලු දැල් වියනකොට තව කට්ටියක් කලු තීන්ත වල පත්තර පිටු පොගෝ පොගෝ බැලුම් බෝල වල අලෝ අලෝ මකුලුවන්ගේ ඇගපත අඩු හදනවා...

තීම් එකට හිනා උනාට මොකද මෙදා සැරේ නම් අපේ කොමස් ඩේ එක සුපිරියක් වෙනවා මට ශුවර්.. ආරාධිත පාසල් වලට උනත් ගිය අවුරුද්දට වඩා අපි invite කලා.. අපේ උනුත් උන්ගේ අන්තිම අවුරුද්ද නිසා සේරම වැඩ පැත්තක දාලා මේකටම කැප වෙලා වැඩ කලා...
කොමස් උන් විතරක් නැතුව අනික් සබ්ජෙක්ට් කරන උනුත් ඉදපු නිසා වැඩේ කොහොමත් ලේසි උනා

කලු තීන්ත පොගෝපු තව පත්තර පිටුවක් සනුගට දෙන්න යනකොට ඒකෙන් වැටුනු කලු තීන්ත බිංදු මගේ ඔඩොක්කුවට වැටුනා.. කලු තීන්ත වැටුනම එවෙලෙම හෝදන්න ඕනා.. නැත්තම් පැල්ලම් හිටිනවා.. ඉතින් මේ වගේ දවස් වලට අපේ උන් ඇදන් එන්නේ පරන යුනිෆෝම් උනත් උන්ගේ අලුත් යුනිෆෝම් වලයි පරන යුනිෆෝම් වලයි එහෙම වෙනසක් පෙවුන්නෑ.. scholarship එහෙකින් ස්කෝලෙට ආපු දුප්පත් ලමෙක් ඇරුනම අනික් ඔක්කොම වගේ බර අතු වල ලමයි වෙනකොට උන් එක ඇදුමක් කිලිටි වෙන්න තවත් යුනිෆෝම් දෙක තුන ගානේ මහගන්නවා..

බබල්ගම් එකක් අර හක්කට මේ හක්කට මාරු කර කර ඉදපු මම ඒකේ පැණි රස ගියාට පස්සේ ඒක ශේපෙට මේසේ යට ඇලෙව්වා ... අපේ උන් හිනා වෙවි කියෝ කියෝ උන්ගේ වැඩ කලත් අද මට ඒවට මූඩ් එකක් නැති තැන මම මගේ වැඩේ පාඩුවේ කරන් ගියා..

මට තාමත් පොඩීගේ හීන ඇතුලේ හැගිච්ච රහස මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව සෑහෙන්න අසරන වෙලා ඉන්නේ.. වටේ ඉන්න මිනිස්සු කොච්චර කොහොම කිව්වත් මම තාමත් ඉන්නේ මගේම මතේක වෙන කොට එක අතකින් ඒක මට මහ හිසරදයක් උනා

You've reached the end of published parts.

⏰ Last updated: May 08 ⏰

Add this story to your Library to get notified about new parts!

නෙත් මානෙම || TK ( Nonfiction )Where stories live. Discover now