#එකොලොස්වෙනි_කොටස 💜️
මුණසිංහකාරයා කොච්චර නැටුවත් ඒකව පරද්දලා එදිරිමාන්න කාරයා චන්දෙන් දිනුවා..රඟදක්වන උන් හරි ඉක්මනින් වේදිකාවෙන් බැස යති කියලා කතාවකුත් තියෙනවනෙ..මූ කොච්චර රැඟුවත් අන්තිමට වුණෙ එදිරිමාන්නකාරයා ඡන්දෙන් දිනාපු එක...මුණසිංහකාරයයි උගෙ සිංහ පැටියගෙත් දැන් රැස්පට් එක බැහැලා ඇති කියලා මට හිතුණා...එදා මං දැක්කයින් පස්සෙ මං ආයෙ දැක්කෙම නෑ...මයෙ හිතෙ පොඩි ආසාවකුත් තිබ්බෙ නැත්තෙම නෑ මන්ත්‍රි කොලුවා බලාගන්න..උගෙ සිංහකම පූස්කමට බැහැලා තියෙන විදිහ බලාගන්න මගෙ හිත වද දුන්නා..ඒ කියලා මට ආයෙ දැකගන්න පුළුවන් වුනෙත් නෑ..ආයෙ වෙන්නෙත් නැතිවෙයි..ඇයි මොකද දැන් රෙදි ඇඳගෙන පාරක බැහැලා එහෙම යන්ඩ ලැජ්ජාවක් ඇතිනෙ..ඒත් පස්සෙයි මතක් වුණෙ හොර ලේ වලට ලැජ්ජාව කියලා දෙයක් නෑ ය කියලා...
කාලේ හරි ඉක්මනට ඉගිලිලා ගියා..අවුරුද්දක් පටන් ගනිද්දි මං හිතන් දෙයක් තමයි මේ අවුරුද්ද කොච්චර දිගද..තව කොච්චර කාලයක් නම් තියෙනවා ද මේ අවුරුද්ද ඉවරවෙන්න කියලා..පටන් ගැන්මකදිම අවසානයක් ගැන හිතන්න හොඳ නැති වුණත් මගෙ හිත අවසානයක් හොයනවා හැමදේකම..ඒත් මේ අවුරුද්ද ඉවර වෙන්නත් තව මාසයක්වත් නෑ..දැන් මං ජොබ් එකට ගිහින් මාස හයකට කිට්ටුයි..මටවත් හිතාගන්න බෑ ඒ තරම් ඉක්මනින් කාලෙ කොහොම ගෙවුණද කියලා..අනික කොහොමත්ම ශොප් එකේ ඉන්නැද්දි නම් කාලෙ කියන එක ගෙවෙනවා කියලා දැනෙන් නෑනේ..සර්ත් මං එක්ක හිතවත් වුණා ගොඩක්..අපේ වැඩ ගැන වෙන වෙනම සර් හොයනවා..අඩුපාඩුවක් තියෙද්දි..ඒක දැකලා හදන පුරුද්දක් සර් ගාව තිබ්බ..නමට විතරක් නායකයෙක් නොවී ඇත්ත නායකයෙක් කියන දේ සර් හරහා මට වගේම අපි ඔක්කොම කොල්ලොන්ට දැනෙන්න ගත්තා..හරි මෙහෙයවීමක් එක්ක යන ගමනක් කවදාවත් අතරමං වෙන්නෙ නෑ කියන දේ මට හරි ඉක්මනින් තහවුරු වුණා..සර් අපි එක්ක ඉන්නකොට සර් කෙනෙක් ව්දියට නෙවෙයි හැසිරුණෙ..සර් පට්ටම පැත්තකින් තියලා අර අපි වගේම වැඩ කරන පට්ටමට සර්ත් ගොඩක් වෙලාවට ආවා..මං එක්ක රෙදි පැක් කඩන්න..අලුත් ස්ටොක් තෝරන්න..සදීප් එක්ක කැෂියර් වැඩ කරන්න..ජනිත් එක්ක බිල් හදන්න...වෙලාවකට උදෙන්ම ඇවිත් ශොප් එක අස් පස් කරලා කන වෙලාවට අපි එක්කම එකම බත් පත දිගෑරගෙන කන තරම් සර් අපි එක්ක හිතවත් වුණා..ඉතින් මට පිට කියන හැඟීම අපි අතර දැනුන් නෑ..ඔක්කොම එකම පවුලක් විදියට අපි හැඩ ගැහුණා..ටුවෙන්ටි ෆෝර් කියන නම ටවුමෙ වගේම රැල්ලක් වුණා..අපි ඔක්කොම තද නිල් පාට පසුබිමක සුදු පාටින් ටුවෙන්ටි ෆෝර් කියන නම ඇඳගත්තු එක පවුලක් විදියට වැඩ කරද්දි සර්ගේ ශොප් එකේ අලුත් ශාඛාවක් කොට්ටාව පැත්තෙන් හැදෙන ගමන් තියෙනවා කියලා අපිට ආරංචි වුණා..මටත් දැන් සදීපලා ගාණ්ටම පඩි වැටෙනවා..අපි ඔක්කොටම ටික ටික පඩි වැඩිවුණා..මං දැන් හම්බ කරන ලොකු මිනිහෙක් එහෙමයි මට හිතුණෙ..මාසෙකට අතට හම්බෙන පන්දාහෙ කොළ මිටිය ගුලි කරලා ගෙනත් මං අම්මගෙ අතින් තිබ්බෙ හරි පරිස්සමට..මගෙ දාඩිය මහන්සියෙන් හැඩ වෙන..මහන්සිය මැද්දෙන් වැල්ලෙ අපේ පුංචි ඉඩමේ මේ වෙද්දි චූටියට ගේ පොඩ්ඩක් හැදෙන ගමන් තිබ්බේ..බ්ලොක් ගල් වලින් වට වෙච්ච අලුත් කුස්සිය වගේම පොඩි සාල ඩිංගයි..අලුත් කාමර දෙකයි..පොඩි ටොයිලට් එකයි අපේ අම්මට ලොකු ආඩම්බරයක් වුණා..මූණෙ උතුරන්න තිබ්බ අම්මගෙ හිනාව අපි හැමෝගෙම සතුට වුණා..තව ටික දවසකින් ගේ වහලෙත් වහගත්තනං හැමදේම හරි..බ්ලොක් ගල් වෙනුවට මගේ දාඩිය මහන්සිය ගුලි කරලා ගෙනත් තියනවා වගෙයි මට දැනුණේ...වැල්ලෙ මැද්දෙන් චුට්ට චුට්ට ගොඩනැගෙන අපේ පුංචි මාලිගාව මුලු වැල්ලටම ආභරණයක් උනා..වෙලාවකට ගමේ ගෑණුන්ගෙ ඇස් වහ වදිනවට බයේම අම්මා කරෙ අබ ටිකයි..වේලිච්ච මිරිස් ටිකයි එකට දාලා පුච්චපු එක ගේ හතර කොණෙ තියලා...
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionතුන් කොන් ප්රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද ක...