Episode 38

59 13 14
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ඉතින් කවදම හරි දැනිලා තියෙනවද පව්ලේ අය තමන් වටේ හිටියත් කිසිම අවධානයක් නොලැබෙද්දි දැනෙන හැගීම. අම්මා තාත්තා කියලා කියාගන්න දෙන්නාගෙන් කිසිම ආදරයක් නොලැබෙද්දි සිහේල පිස්සුවෙන් වගේ ඒ ආදරේ හෙව්වා. මෙතුල සිහේලට තාත්තෙක් වෙද්දි ආච්චි අම්මා සිහේලට අම්මෙක් උනේ යසස් හසෙල් දෙන්නාම සිහේල ලගින් හැමදාම හිට ගනිද්දි. ඉතින් හිත් රිදවීම් මහා ගොඩක් මැද්දේ සිහේල ජීවත් උනේම පිස්සෙක් ගානට. ට්‍රැක් අව්ට් ජීවිතේ හරි ලස්සනයිලු රියැලිටියේ හිත් රිදවීම් වලට වඩා. ඒක හුගක් තැන් වලදි දකින්න පුලුවන් දෙයක් උනා.

" සිහේල. "

තමන්ගේ ගෙදර තමන්ට තිබුනු තැන තමන්ගේ තාත්තාගේ දෙවනි කසාදේ ලමයට අයිති වෙද්දි මෙතුලගේ ගෙදර දොර හරි ආදරෙන් සිහේල වෙනුවෙන් ඇරුනා. තනිවෙලා නැහැ කියලා කොයිතරම් හිතට තරවටු කලත් සිහේල උන්නෙම හිතින් තනිවෙලා ගතින් නැතත්. ඒ නිසාම සිහේල කියන්නේ තේරුම් ගන්නම බැරි පරිච්ඡේදයක්. ඉතින් මෙතුලගේ ගෙදර තමන්ට වෙන් වෙලා තිබුනු කාමරේට වෙලා ඇදේ මුල්ලකට වෙලා දණහිස් වලට ඔලුව ගහන් හිටපු සිහේල ඔලුව ඉස්සුවේ තමන්ගේ කෙස් අතරින් දුවන ඒ සනීප ස්පර්ශයට.

" ඔයා ඇඩුවද සිහේල. "

" නැහැ රත්තරන්. ඔයා කොයි වෙලේද ආවේ. "

" ඔයා මේ සතියම ඉස්කෝලේ ආවේ නැති නිසා මම ආවේ. ඇයි සිහේල මෙහෙම කරන්නේ. ඔයාටම නේද පාඩු වෙන්නේ. "

සිහේල ඔලුව ඉස්සුවත් හරි තද රතට හැරිලා තියන ඇස් මේ සතිය පුරාවටම කොල්ලාගේ ඇස් වලින් ගලාන් ගියපු කදුලු වලට සාක්කි දුන්නා. තනි වෙන හැම වෙලාවකම තමන්ව වෙලාගන්න ඒ කාලකණ්නි හැගීමෙන් මිදෙන්න සිහේල නොකරපු දෙයක් නෑ. ඉතින් අසිහියෙන් ඉන්න සිහේල තීරණේ කලේ ඒ නිසාමයි. ඉතින් හිස් වෙලා ගිය බියර් කෑන් සිගරට් පෙට්ටි කාමරේ හැමතැනම තිබුනේ අවුල් වෙලා ගිය ඇදුම් එක්ක සිහේල ඒ හැම දේම දිහා තත්පරේකට බලද්දි. ඉතින් ලිහේෂ ඇඩුවද අහද්දි ඇස් වලට උනලා තිබුනු කදුලු පිහදගෙන ලිහේෂ දිහා බැලුවේ ලිහේෂ ඇවිත් සිහේලව වැලදගනිද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now