Episode 39

54 13 5
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" මම දන්නවා තාත්තාට මගේ උපන්දිනේවත් අඩුම මතක නැහැ කියලා. "

Phone එක දිහාම බලාන් හිටපු සිහේල එහෙම හිතුව එකේ වරදක් නැහැ. මොකද අද කොල්ලාගේ 19 වැනි උපන්දිනේ. ඒත් ගෙදර අයගෙන් කියලා කොල්ලාට කිසිම සුබ පැතුමක්වත් ඇමතුමක්වත් ආවේ නැහැ. සිහේල දන්නවා තාත්තාගේ කැමතිම ලමයා තමන් නොවන බවට. ඒත් සිහේල තාත්තාගේ ආදරේ ටිකක් හරි බලාපොරොත්තු උනා.

" Happy level up day බ්‍රෝ. "

" thanks. "

" happy Cake day බන්. "

" Mmm "

" Happy Happy Birthday My cricket star. "

" thanks babe "

ඉතින් යසස් හසෙල් ලිහේෂ පිළිවෙලින් සුබ පැතුවත් අම්මාගෙන්වත් තාත්තාගෙන්වත් සුබපැතුමක් ආවේ නැහැ. සිහේල ඒ ගෑනු කෙනාගේ දරුවා නොවන නිසා ඒක පැත්තකින් තිබ්බත් තමන්ගෙම ලේ වෙන සිහේලව තාත්තෙක් කොහොම ගනන් නොගෙන ඉන්නද.

" උබ ඔය කොහෙද යන්නේ. "

" ගොඩ කාලෙකින් ගියෙත් නැති නිසා ගෙදර යන්න කියලා බැලුවේ. "

" උබට ශුවද. "

" හ්ම්ම්ම් "

සිහේල ඉස්කෝලේ ඇරිලා එහෙන්මම තමන්ගේ ගෙදර ගියේ හිත රිදෙන බව දැන දැනමයි. ඒ ගෙදර තමන්ගේ කියලා දැනුන එක පුද්ගලයයි ඒ හිටියේ ඒ සිහේලගේ stepdrother යුහාර. යුහාරට අවුරුදු 13ක් උනත් ඒ පොඩි කොල්ලා සිහේලට හරි ඉක්මනින් එකතු උනා. තමන්ගෙම සහෝදරයා තරමටම සිහේලට ලං උනා ආදරේ කලා. ඒ ගේ ඇතුලේ සැනසීමක් සිහේලට තිබ්බානම් ඒ යුහාරගෙන් විතරයි.

" ඇයි ආවේ. "

" මම ආව එකත් ඔයාට කරදරයක්ද තාත්තේ. "

" මෙච්චරකාලයක් ගෙයක් තියෙනවා කියලවත් තමුන්ට මතක තිබ්බද. "

දොරෙන් ගේ ඇතුලට ඇතුල් උනත් හරි සිහේලගේ මූණටම සෝෆා එකේ ඉදගෙන පත්තරයක් බලමින් උන්නු සිහේලගේ තාත්තා ඇහුවේ පත්තරෙන් ඇස් උස්සන්නේ නැතුවමයි. ඉතින් ආපහු හැරිලා යන්න ඕන කියන හැගීම සිහේලව මේ වෙද්දිත් වෙලාගෙනයි තිබුනේ.

" කොහෙද යන්නේ. අද තමුන්ට මේ ගෙදරින් එක අඩියක් එලියට තියන්න බැහැ. මල්ලි අද event එක win කරලා ඒකට මෙහේ පාටි එකක් තියෙනවා. තමුන් ඒකට ඉන්නම ඕන. "

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now