Episode 40

82 15 24
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

" මොක ඩොක්ටර් හර්ශ. "

" ඔව්. මම දන්නවා car accident එක ගැන හරිශයි ඔයාලාට කිව්වේ කියලා. "

" යකෝ කොටියම කන්න එපෙයි ඌව. "

කුමාර් කියද්දි සිහේල කිව්වේ හැමෝම සිහේල දිහා බලද්දි. නෑ ඉතින් මෙච්චර මේ සංවේධි සීරියස් අවස්ථාවක ඒක කන්න ඕන නැහැනේ. හැබැයි සිහේලට මොක නැතත් අන්න ඒ වගේ වැඩනම් හොදට හුරුයි.

" හරි හරි මාමා ඔව්වා දන්නවානම් එයා කරන දේකට අපි උදව් කරමු. මොකෝ අපි ගිහින් ඌව මරන්නයෑ. "

" උබලට එහෙම කරන්න බැරි කමකුත් නැහැනේ. මම හරිනේ නේද. "

" ක්හැ ක්හැ හ්ම්ම්ම් ඈ මොක "

සිහේල කිව්ව දේට මලීෂ යසස් දිහාම බලාන් ඇහුවේ යෂ්ගේ මූණෙ පවා වෙනසක් වෙද්දි. ඒත් බිබී හිටිය බීම එක ඉස්මොලේ ගියේ හසෙල්ගේ වෙද්දි මලීෂ ඒ පිට මැද්දට පාරවල් දෙක තුනක් ගැහුවේ හසෙල්ගේ ඇස් වලින් පවා කදුලු එද්දි.

" අඩෝ අඩෝ මේ... බොරු චෝදනා කරන්න එපා හරිය. "

" උබ කියන එකක් තමා. "

සිහේල කියද්දි මලීෂ කිව්වේ කුමාර් යසස්ගේ ඔලුවත් අතගාගෙනම එතනින් නැගිටලා යද්දි. මොකද ඔතන ඔය ප්‍රශ්නේ එයාලාටම විසදගන්න දෙන්න ඕන එකක් කියලා කුමාර් හිතුව නිසාම ඒ තත්පරෙන්ම එතනින් නැගිටලා ගියේ සිහේලත් නැගිටලා කාමරේට යද්දි. කාමරේට ගිය සිහේල එහෙන්මම නාන කාමරේට ගිහින් ඇදුම් පිටින්ම ශවර් එක යටට ගියේ ඒ ටයිල් බිත්තියට ඔලුව තියාගන්න ගමන්.

මෙච්චර වෙලාම ඇස් අස්සේ පොරකාපු කදුලු වැල් හරි නිදහසේ ඒ ඇස් වලින් එලියට ගලාගෙන ආවේ ශවර් එකෙන් වැටෙන වතුරට ඒ කදුලු නොපෙනිලා යද්දි. අන්න ඔය නිසාමයි සිහේල වැස්සට හරිම ආස. මොකද සිහේලගේ කදුලු හැංගුවේම වැස්ස. එහෙමත් නැත්තම් නාන කාමරේ ශවර් එක. එහෙන්මම ටයිල් බිත්තිය දිගේ රූටලා ගියපු සිහේල එහෙන්මම වාඩිවෙලා ඒ දණහිස් වලින් ඔලුව තියාගත්තේ කකුල් දෙක වටේට අත් දෙකම ඔතාගන්න ගමන්. ඇදන් උන්නු ඇදුම සම්පූර්නෙන්ම තෙමිලා තෙතබරිත වෙලා යද්දි සිහේල කලේ දණහිස් අස්සෙන් ඔලුව ගහගෙන ඇස් වලින් ගලාගෙන යන කදුලු වලට නිදහස දුන්න එක.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now