2 Chapter

15 1 0
                                    

කේශක එහෙම කියල කෞශිගෙ නහය මිරිකලා ...රූම් එකෙන් යන්න හදනවත් එක්කම කව්රුහරි කෙනෙක් දොරට තඩිබාන්න ගත්තෙ  කේශකගෙයි,කෞශිගෙයි අවදානෙ  එතනට යොමු වෙද්දියි.

"මේ වෙලාවෙ කව්ද..."

කේශක එහෙම කිව්වෙ නලලත් රැලි කරගන්න ගමන් ....

"ඒකනෙ අය්යා මාත් මේ බැලුවෙ....අනික කව්ද අෆ්ෆා  දොර කඩන්න හදන්නෙ...."

කෞශි එහෙම කිව්වෙ  කේශක දිහායි living රූම් එක දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්....කේශක කෞශි දිහා බලලා,මුකුත් නොකියා living රූම් එකට ගියෙ ඩෝ එක අරින්න උනත් එලියෙ හිටපු මනුස්ස පරානෙ කේශක දොර අරිනවත් එක්කම කේශකවත් තල්ලු කරගෙන ගෙට ආවෙ කේශකව දැන් BBQ දාලා කන්න වගේ ලුක් එකකින්....

"මොන  හුයන්නක්ද භල්ලෝ උඹ මේ කරන්නේ...ආර්හ් මෙච්චර වෙලා උඹ පොල් ගෑවද ඇයි යකෝව්..මන් මෙතන ඉදන් පැය ගානක් තිස්සෙ දොරට ගහනවා...උඹගෙයි  අර ඇටිකිච්චිගෙයි වලි ඉවර වෙලා සාමදාන වෙලා උඹ මෙතන්ට එනකං මට මෙතන්ට වෙලා බුකෝගෙන ඉන්නද කියන්නෙ ආර්හ්....අපරාදෙ තොට මොනාහරි කාලා ,නින්දක් එහෙම දාලා වෙලාවක් තිබුනොත් ඊටපස්සෙ දොර ඇරලා බලන්න තිබුනෙ....මොකද දැන්  මෝල්ගස් ගිලපු මුගටියා වගේ බලන් ඉන්නෙ...මුගටියාද ...ආශ් නැහ් නැහ් වෙන සතෙක්.. උරුලෑවද කොහෙද ...නැහ්නේ..හරි හරි ඔය මොකෙක් හරි වගේ....උඹ මට ඇතුලටවත් එන්න කියන්නෙ නැද්ද ආර්හ්...කමක් නෑ මන්ම ඇතුලට එනවා.."

එක්ස්ප්‍රස් එකවගේ කියෝගෙන කියෝගෙන ගියපු  සෙහස් කේශකවත් තල්ලු කරන්ම ගේ ඇතුලට ආවා...

මේ දිහා බලන් හිටපු කේශක එක අතක දබර ඇගිල්ලක් අරන් වම් කනේ එහෙට මෙහෙට  කරේ සෙහස්ව තවත් අවුස්සන්න හිතාගෙනමයි...

ගේ ඇතුලට ආපු සෙහස්  කේශකට දවා අලුකරන බැල්මක් දාලා...හරියට නිකන් සෙහස්ගෙ ගේ වගේ සාලෙ තිබුන සෝෆා එකට වැටුනා.

"අම්මොහ්.....බං හරියට නිකන් බදුලු කෝච්චිය ගියා වගේ..."

කේශක එහෙම කිව්වෙ සෙහස්ගෙ ඉස්සරහ තිබුන සෝෆා එකෙන් වාඩිවෙන ගමන්...

"බදුලු කෝච්චිය...හ්හ් උඹට මන් කිව්වා කියලා හිතාගනින්..."

සෙහස් එහෙම කිව්වෙ කේශකට හැටට හැටේ රවන ගමන්....

You've reached the end of published parts.

⏰ Last updated: May 12 ⏰

Add this story to your Library to get notified about new parts!

Black &  White_(ON HOLD )Where stories live. Discover now