episode 41

58 16 11
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

ජනේලෙට දාලා තියෙන දුහුල් තිර රෙදි අස්සෙන් ඉර එලිය මූණට වැටෙන නිසාම ලිහේෂ ඇස් ඇරියත් ලිහේෂ මුලින්ම දැක්කේ තමන්ගේ මූණට ලගින්ම තියම ඒ පියවිලා ගිය ඇස් දෙක. ගන ඇහිබැමි එක්ක ඒ හීනි ඇස් දෙක කවදත් ලස්සනයි. ඉතින් සැනසිල්ලේ පියවිලා ගියපු ඇස් උඩින් එක පාරක් ඇගිල්ල ගෙනියපු ලිහේෂ නැගිටින්න හැදුවත් කොල්ලාට ඉනෙන් පහලින් වේදනාවක් දැනෙන්න ගත්තේ කොල්ලා වේදනාව කාගෙනම රුයිතෙට තියවෙන කකුල් බොහොම අමාරුවෙන් හරි පාරෙන් තියාගෙන නාන කාමරේට ගියේ හිතින් සිහේලට දෙහිකපන ගමන්.

" මම කිව්වා ඒ මෝඩයට ඔච්චරම දරුනු වෙන්න එපා කියලා ම්හුක්. "

හිතින් සිහේලට බයින ගමන්ම හොදට නාගත්තේ කන්නාඩියෙන් පේන තමන්ගේ බතික් කරලා වගේ තියෙන උඩුකය දිහත් බැල්මක් හෙලන ගමන්මයි. නාගෙන පිරිසිදු වෙලා සැහැල්ලු ඇදුමක් දාගෙන painkillers දෙක්කුත් බීලා එහෙන්මම පල්ලට ආවේ උදේම යසස් යෂ් දෙන්නා එලියට යන්න ලෑස්ති වෙලා ඉද්දි.

" උබ මොකද නොන්ඩි ගහන්නේ. "

" කකුල පෙරලුනානේ උදේ නැගිටිද්දි. "

" ම්ම්ම්ම් හොද පෙරලියක් ඊයේ රෑ වෙලා කියලනම් පේනවා. වහගනින් ඔය කොටි කාලා වගේ තියන බෙල්ල. "

යසස් යෂ්ගේ අතේ එල්ලිගෙනම ලිහේෂට කිව්වේ ඒ එක්කම සිහේලත් බාගෙට ඇරිච්ච ඇස් එක්කම පහලට ඇවිත් ලිහේෂව පිටිපස්සෙන් වැලදගනිද්දියි. සිහේල යසස් දිහා බැලුවේ නිවාඩු දවස් වලට යසස් කියන්නේ උදේම නැගිටින කොල්ලෙක් නෙවේ හැබැයි අද කොල්ලා කවදාවත් නැතුව උදේන්ම නැගිටලා ලෑස්තිවෙලත් එක්ක. පුදුමයක් නැහැ එහා පැත්තෙන් යෂ් ඉන්නවා දකිද්දි.

" කොහේ යන්නද. "

" ගමනක්. "

" like a date. "

" yep "

" හරි හරි යන තැනක දෙන්නත් එක්කම පරිස්සමින් පලයන්. "

සිහේල යසස්ගේ කොන්ඩෙත් අව්ල් කරන ගමන්ම ලිහේෂවත් අතෑරලා කුස්සියට ගියේ වතුර එකක් බොන්න. ඇහැරලා හිටපු හැමෝටම අතත් වනාගෙනම යසස් යෂ් දෙන්නා එලියට බැස්සේ යෂ්ගේ පැන්තර් වත්තේ දිලිසි දිලිසි ඉද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now