Episode 43

55 12 11
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽

සමහර වෙලාවල් වලට අපිට හරි කියලා හිතෙන දේ නෙවේ ඇත්තටම හරි දේ. පොඩ්ඩක් හිතලා බලන්න. සමහරු හිතාන් ඉන්නවා අවුරුදු 18 පැන්නාම ගෙදරින් තමන් කැමති දේ කරන්න ඉඩ දෙයි කියලා. අපෝ එහෙම නෑ. කසාද බදිනකම්ම ගෙදර කැමැත්තට තමා ජීවත් වෙන්න ඕන. මේක මෙහේ සංස්කෘතියනේ. ඉතින් 5%ක් විතරයි තමන් කැමති විදිහට ජීවත් වෙන්නේ සමාජෙට ගෙදරට ඕන විදිහට ජීවත් නොවී.

" හිමි වෙන්නැති මිනිස්සු මොන පකකට හම්බෙනවද මන්දා. "

" දැන් උබ හිමි උනේ නැත්තේ මොකාද කියපන්කෝ සේරටම කලින්. "

" එහෙම එකෙක් නෑ. මම මේ post එකක් කියෙව්වේ. "

" උබේ ආච්චිට. "

සිහේල හයියෙන්ම කිව්ව දේට යසස් උත්තර දුන්නේ එහෙම වෙද්දි සිහේල යසස්ට දිවත් ඇදලා එතනින් දුවන්න ගත්තේ යසසුත් සිහේල පස්සෙන් පන්නද්දි. කොල්ලෝ දෙන්නටම ඉන්නේ ඉස්කෝලේ වගේම මේ ඉන්ටවල් එක වෙලාව, දෙන්නම ඉන්නේ ground එකේ කියලා අමතක වෙලා තියෙද්දි ගංජා ගහලා වගේ හැසිරෙන තමන්ගේ HP ව වගේම cricket captain දැකලා සමහරු යන ගමනත් නවත්තලා මේ දිහා බලාන් හිටියේ ඇස් කටේ දාගෙන මොකද වෙන්න පුලුවන් දේවල් නෙවේනේ මේ.

" උත්තෝ තොපි දෙන්නා ඉස්කෝලේ ground එකේ ඉන්නේ ටිකක් වැදගත් විදිහට හැසිරියන්. HP ඔක්කොටම හපන්. "

" අමතක වෙනවනේ. "

යසස් බෙල්ලත් කස කස කියන්න ගත්තේ මෙච්චර වෙලාම ලදරු මානසිකත්වයෙන් හැසිරිච්ච දෙන්නම පිලිවෙලකට ගිහින් පැවිලියන් එකේ වාඩි වෙද්දි. මෙතන්ට මුලු ground එකම හොදට පේන නිසාම කොල්ලෝ හතර දෙනා ගොඩක් වෙලාවට හිටියේ මෙතන.

" සිහේල අයියේ. "

සිහේල වගේන යසස්ලාත් පිටිපස්ස බැලුවේ සාමාන්‍යෙන් සිහේලව හොයාගෙන මෙහෙම කට්ටිය එනවා අඩු නිසා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවේ යුහාර. ඉතින් එදා ගෙදරින් එද්දි සිහේල යුහාරට කිව්වා එයාව මතක් උනොත් එයාව හොයාන් එන්න කියලා ඉතින් කොල්ලා ඒ දේට සාධාරණයක් කරනවා. ඉතින් දුවන් ඇවිත් පැන්න ගමන්ම සිහේලගේ උකුලෙන් වාඩි උනේ ලිහේෂත් යුහාරගේ ඔලුව හරි ආදරෙන් අත ගාද්දි. අවුරුදු 15ක් උනාට යුහාරට තිබ්බේ ඊට වඩා පොඩි පෙනුමක්. 

𝙾𝚇𝚈𝙶𝙴𝙽 ( Onhold 🚫 ) Where stories live. Discover now