56th part

171 17 9
                                    


" මිස්ටර් විවේන්ද්‍ර මංචනායක... ශෙනිරු මංචනායකට මගුල් තුලා කතා කරන්න කලින් එයාගෙ හස්බන්ඩ්ගෙන් අහන්න හිතුනේ නැද්ද ඉතිම්... "

අනික් හැමෝම කට පියාගෙන හිටියේ මේක මේ වෙලාවෙ කතා කරන්න ඕනි එයා නිසා වෙන්න ඇති... මගේ ගඟන... මගේ නීත්‍යානුකූල ස්වාමියා... කෙටියෙන්ම කිව්වොත් මගේ හස්බන්ඩ්... දැනට අපි දෙන්නා බැදලා මාස 5ක් විතර වෙනවා... ඒක දැනගෙන හිටියේ තාත්තලා දෙන්නා එක්ක අයියලයි දේව් සීයායි සුදුයි විතරයි...

" තමුන්... "

" ම්න්... මේකයි මිස්ටර් විවේන්ද්‍ර මංචනායක... මම තමා ශෙනිරු සඳනිදුගෙ නීත්‍යානුකූල හස්බන්ඩ්... ඉතිම් මං හිතනවා එයාට ආය කසාදයක් ඕනි වෙන එකක් නෑ කියලා... අනිත් එක එයාගෙ අම්මාව ගාවගෙන තමුන්ගේ අරමුණු වලට මගේ එකාව මින් මත්තට පාවිච්චි කරන්න හිතුවොත් මං තාත්තා වගේ ඉවසන එකෙක් වෙන එකක් නෑ කියලත් මතක තියාගන්න... ශෙනූ අපි යමු... "

එයාට කේන්ති ගිහින්... නොසෑහෙන්න කේන්ති ගිහින්... සීයා තාත්තට එයා මාත් එක්ක තියෙන සම්බන්දේ කියලා මගේ අතින් තදින්ම අල්ලගෙන යමු කියලා එක්ක යද්දි මාත් එයා එක්ක යන්න සෝෆා එකෙන් නැගිට්ටත් එක්කම ආපහු සීයා තාත්තා එයාට කතා කරපු විදිය දැක්කම අනික් හැමෝම වගේ මාත් හිටියේ පුදුම වෙලා...

" පුංචි මහත්තයා ඔහොම හිටියානම් නේද හොද... "

" සීයා තාත්තා... "

" තාත්තේ... "

ආගේශ් තාත්ති අදියා දෙන්නම එකටම සීයා තාත්තගෙ නම කියද්දි අපේ තාත්තගෙත් ඇස් තිබ්බේ නළලේ...

" උබලා හිතාගෙන ඉන්නේ අනික් උන් වගේ මාත් වයසට ගියේ කොස් ඇට ගනන් කරලා කියලද... මං මෙච්චර දවසක් බලාගෙන හිටියේ තමුන් හැම එකාගෙම කැරැට්ටුව දිහා... සුරේශ් මේ කොල්ලාව ගෙදර නවත්තගෙන සුධීරාගෙ කොල්ලා ගගා කියනකොට අනික් උන් විශ්වාස කරත් තමුන්ලා කොහොමද එහෙම මාව අවතක්සේරු කරේ... "

" තාත්තේ... "

" ඉතිම් ආගේශ් මට අදුන්වලා දෙන්නේ නැද්ද ඔයාගේ බාලම පුතාව... "

OUR STORY  ☑️Where stories live. Discover now