12🌞

100 5 6
                                    

"" එතකොට ඔයා කියන්නේ....අර අත්භූත කෙල්ල ඔයාට අනතුරු ඇගෙව්වා කියලද"

රුද්‍ර කල්පනාකාරීව ඇහුවා...ඔවුන් ඉස්කෝලේ ඉවර වුනාම ගනේශ්ගේ ගෙදරට ආවේ මේ ගැන සාකච්ඡා කරන්න ඔවුන් හිතුවෙ හැමදෙයක්ම ඉවරයි කියලා උනත්......එයාලා දැනන් හිටියේ නෑ මේක ආරම්භයක් විතරයි කියලා

" ඒ පොඩි ගැහැනු ළමයා කියලා තියෙන්නේ අනතුරක් අත ලගයි කියලද..මොනවගේ අනතුරක් ගැනද කියන්න ඇත්තේ??"

ආකාශ් ඔලුව කස කස ඇහුවා...

" මොකක් උනත් අපි පරිස්සම් වෙන්න ඕනේ විශේෂයෙන් සහී ඔයා..මොකද ඔයා තමයි තෝරගත් තැනැත්තා " රුද්‍ර කිව්වම සහී ඔලුව වැනුවා

" කලබල වෙන්න එපා මම සහීව ආරක්ෂා කරනවා" ගනේශ් කිව්වේ ස්ථීර හඩින්

ඔවුන්ගේ කතාවට බාධා කරමින් ඉස්සරහ දොර ඇරගෙන ආවේ අර කෙල්ල..ඔවුන්ට උදව් කරන අර කෙල්ල.ඇය නමින් මින්ජී

ඇය හති අරිමින් සිටියා...මින්ජී හිටියේ බයෙන්

" මාර වැඩේ වෙලා තියෙන්නේ " මින්ජී අමාරුවෙන් උනත් කතා කරා

" ඇයි මොකක්ද වෙලා තියෙන්නේ ??" ආකාශ් කලබලයෙන් ඇහුවා

" සහී තෝරගත් තැනැත්තා කියලා අරුන් දැනගෙන !!!!!"

" මොනවාආආආආආ🤯🤯🤯🤯🤯 " ගනේශ් සහ රුද්‍ර බිය මුසු කම්පනයෙන් කෑගැහුවා

" කව්ද ?" සහී කුතුහලයෙන් ඇහුව

" එයාලා ගොඩක් භයානක අය සහී..එයාලාට ඕනේ ඔයාගේ බලය..ඒ වෙනුවෙන් එයාලා ඕනම දෙයක් කරනවා...ඕනම දෙයක් !!"

" ඒත් කව්ද ??" සහී නැවත ඇහුවා

" එයාලට කියන්නේ නිරයේ හඩවල්  කියලා ....ඔවුන් වැඩ කරන්නේ නිරයේ රජතුමට....සාතන්...ඌට ඔයාගේ බලය ඕනේ..."

මින්ජී කිව්වම සහී ඇත්තටම ගොඩක් බයවුනා...

" නිරයේ ආරක්ශකයෝ මිනිස් රූපෙන් මේ ලෝකයට ඇවිල්ලා ඉවරයි උන් දැනගෙන අලුත් තෝරගත් තැනැත්තා ඔයා කියලා ඒ කියන්නේ සහී!!! ඔයාගේ ජීවිතය ලොකු අනතුරක !!!"


































You've reached the end of published parts.

⏰ Last updated: May 21 ⏰

Add this story to your Library to get notified about new parts!

සහී🌞 | zhanyi sinhala bl loveWhere stories live. Discover now