උත්සවේ තිබ්බ ග්‍රවුන්ඩ් එක ලගට ඇවිල්ල බාප්පා වෑන් එක නතර කලා. මම වෑන් එකෙන් බැහැලා එහා පැත්තට උනා. වටපිට බලපු මම දැක්කේ ලස්සන නිල් පාටට පෙනුන මුහුද. ගොඩක් බිමක් ඉමක් කොනක් නැති ඒ මහ විසාල මුහුද හරියට නිකන් ලොකූ අහසක් වගේ. එකක් නැති වෙනකොට ආපහු පාරක් කොහෙන් හරි මතු වෙන ඒ ලොකු මුහුදු රළ වෙරළට ලොකු සාරියක් එලුවා වගේ. ඒත් ඒ රැල්ල ගොඩක් වෙලා වෙරලේ රැදිලා ඉන්නේ නැතිව ආපහු මුහුදට ඇදිලා යන්නේ හරියට සමහර ලස්සන ආදර කතා ඉවර වෙනවා වගේම කිසිම ලස්සන අවසානයක් නැතුව. මම ලොකු හුස්මක් හුලගට මුහු කරේ පපුව ඇතුලේ තිබුන දරාගන්න බැරි අමුතුම තනිකමට වෙන්න ඇති.
අපි කට්ටිය ඇතුලට ගිහිල්ල පොලිසියේ පවුල්වල අයට වෙන්කරලා තිබ්බ තැන අපේ පුටු වලින් ඉද ගත්තා. පොඩ්ඩි ලගින්ම ඉද ගත්ත මම ටිකක් වටපිට බැලුවේ ලොකූ ඉන්නවද කියල
:සුදු මහත්තය....?
:කියන්ට සුද්දී ....
:ලොකූ තාම නෑ නෙව , සුදු මහත්තය
:හිටින්න සුද්දී. තාම ලෑස්ති වෙනවා ඇති ලොකූ . අනික එයාට විතරක් තනියම මෙතනට එන්න බෑනේ සුද්දී
:ඒකත් ඇත්ත නේ, සුදු මහත්තය
:ඒකනේ ඔහොම පොඩ්ඩක් ඉවසන් ඉමුමම ලොකු හුස්මක් අරගෙන පුටුවට හේත්තු උනා. ලොකූ තව ලස්සන වෙලා ඇති යුනිෆෝම් එකට. දැන් නම් මටත් පොඩ්ඩිට වගේ ඉවසීම බින්දුවට බැහැලා.
ටික වෙලාවකට පස්සේ ලස්සනට යුනිෆෝම් ඇදගත්ත අයියලා අක්කලා ගොඩක් පිට්ටනියට ආවා. ඒත් මගේ ඇස් හෙව්වේ ලොකූව. මම ඉස්සිල්ලා ලොකූ ඉන්නවද කියල බැලුවා. දෙයියනේ අර ඉන්නේ. අම්මෝ ලස්සන. එතන හිටිය ලස්සනම කෙනා වෙන්නැති. මම වශී වෙලා වගේ ලොකූ දිහා බලාගෙන හිටියා.මම ලග හිටිය අම්මගේ අත අල්ල ගත්ත
YOU ARE READING
💙𝕎𝕒𝕤𝕤𝕒𝕟𝕒𝕪𝕒💍⃝⃢⃟
Non-Fictionˏˋ°•*⁀⌕ මැයි මල් පවා ඇයි දැයි අසා තුරු සැළුනි පිනි මල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා හදපතුලේ තැන්පත් වෙලා 🌹⏤͟͟͞͞ 🦋·...