It can't be real

9 1 0
                                    


"ඔව් මේ කොලුවා තමා, අද රෑ වෙන්න කලින් ඉක්මනටම ඉවරයක් කරලා දන්න."

" යුන්ගි හියොන්, අ-අනෙ මාව බේර ගන්න, කරුනාකර ඔයාගෙ මිනීව බේරගන්න"

"Goodjob, දැන්මම මේ මිනිය පුච්චලා දාන්න කිසි සාක්ෂියක් ඉතුරු කරන්න එපා"

Yoongi pov-

"ජිමින්, කොහෙද ඔයා? ඇයි මගෙ calls වත් answer කරන්නෙ නැත්තෙ! Come onnnn answer කරන්න answer කරන්න ඉක්මනට!!!" මුළු ලෝකෙම තමන්ගෙ නාමෙන් බය කරගත්ත මාෆියා ෂුගා පොඩි ලමයෙක් වගෙ කෙදිරිගාන්න පටන් ගත්තේ හිතේ තියෙන නොසන්සුන්කමත් එක්ක එහාට මෙහාට ඇවිදින ගමන්මයි.

හිටිහැටියෙම ඔබෙට දුරකතන ඇමතුමක් ලැබුනි.ඒත් ඔහු දැන සිටියාද එක් ඇමතුමකට ඔහුගේ මුළු ජීවිතයම උඩුයටිකුරු කරන්න හැකිවෙයි කියා?

Namjoon- " මට සමාවෙන්න හියොන්ග් මට සමාවෙන්න, අපිට එයාව බේරගන්න බැරි උනා" ඔහු හඩා වැලපෙන්න විය.

Yoongi- " නැ නැ නැ මේක කොහොමටවත් වෙන්න බැ, එයාට මාව එහෙම දාල යන්න බැ. අනේ මගෙ මිනී" ඔහු එකවරම පොලවට ඇද වැටුනේ හිතේ ඇති වේදනාව දරාගැනීමට නොහැකි වූ නිසයි.

අතීතයේ තමන්ගෙ මුළු ජීවිතයම වූ ජිමින්, තමන්ගෙ පුන්චි මිනී( littlespace) නැවත කිසිදිනක තමන්ට දකින්නට, තමන් ඔහුට කොපමන ආදරය කරනවද බව කීමට නොහැකි වෙන බව දැනගත් ඔහු ලදරුවෙකු මෙන් හඩා වැලපෙන්නට වූයේ තමන්ගෙ සගයනුත් පුදුමයට පත් කරමිණි.

මාස 6කට පසු........

ෂුගා හෙවත් යුන්ගි, මේ වනවිටත් තමන්ගෙ දයිවය කෙතරම් කුරිරු වූවද එය කෙමින් කෙමින් පිලිගන්නට වුණි. ඔහුගේ සෑම කටුක අවස්තාවකදීම ලගින් සිටිමින් ශක්තියක් වූ ජිමින්, තමන්ගේ ආදරවන්තයා, අද ඔහු ලග නැත. මෙම හදිසි වියෝව දරාගනු නොහැකිව වරක් සියදිවි නසා ගැනීමටද උත්සාහ කල ඔහු බේරාගැනීමට සමත් වූයේ ජින් ය.

සියදිවි නසා ගනිමින් තමන්ගෙන්ම පලි ගැනීම නිෂ්පල ක්‍රියාවක් බව තේරුම් ගත්තද ෂුගා කෙමින් කෙමින් සැමගෙන් ඈත් වෙමින් බොහොම දරුණු රළු ගති පැවතුම් ඇති පුද්ගලයෙකුගේ චරිතයට පණ පොවන්න විය...කලක් ජිමින්ගේ හිනා හඩෙන් දගකාරකමෙන් ආලෝකමත් වුණ Min බන්ගලාව දැන් පාළු මූසල කනත්තකට සමානය. එහෙත් කෙතරම් බාදා පැමිනියද මින් පවුල, යුන්ගි අත හැරියේ නැත. ඔහු කෙතරම් රළු ලෙස හැසිරුනද ඔහුත් සමගම කාලය ගෙවමින් සිත සැනසීමට මින් පවුල වග බලාගත්තේය.

එහෙත් කිසි දිනක නැවත ජිමින්ගෙ නාමය ඔහුට ඇසෙන්නට නොදී ප්‍රවේශම්වීමට වීමට ඔවුන් වගබලාගත්හ.

Yoongi- ඇයි ජිමිනා, ඇයි මේ අපායෙ මාව තනිකරලා ගියේ. ඔයා කිව්වා නේද මාව කවදාවත් තනිකරන්නෙ නැහැ කියලා?

ඔහු නැවත නැවතත් හඩා වැලපෙන්න වූයේ ජිමින්ගේ චායාරූපයක්ද තුරුලු කරගනිමිනුයි. පැය ගනනක් මෙසේ හඩා වැලපුනු ඔහු, තමන්ගේ කදුලු පිසදාගනිමින් කාමරයෙන් පිටව ගියේ, සුපුරුදු රළු මුහුණක් මවා පාමිනුයි.

In the living room-

Namjoon- "යුන්ගි හියොන් අද ඔයා office එන්න ඔනෙ. අද අපිට ගොඩක් වැදගත් meeting එකක් තියෙනවා. ඔයා නැතුව අපිට ඒක තනියම කරගන්න බැ."

Yoongi-" බැහැ මන් කිව්වනෙ එක සැරයක් මට ඔයෙ දේවල් දැන් කොහොමටවත් වැඩක් නැ."

NJ : "එහෙම කියන්න එපා, මට තේරෙනවා ඔයා office එන්න තරම් හොද තත්වෙක නෑ ඒත් දැන් මාස 6කුත් ගියා, මම මෙහෙම කියන එක හරි නැ ඒත් ඔයා ජිමින්ව දැන් අමත-

Yoongi: " නැහැ කොහෙත්ම නැ, මම මගෙ ජිමිනාව කවදාවත් අමතක කරන්නෙ නැ.ඔයාල කැමති දෙයක් කරගන්න, මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න"

එසේ පවසමින් ඔහු ගෙදරින් පිටව ගියේ දැඩි කෝපයක් හා වේදනාවක් හිතේ තදකරගනිමිනුයි. නම්ජූන් හට තම සහෝදරයාගෙ මෙම හැසිරීම දරාගැනීමට නොහැකි විය. යුන්ගිගේ වේදනාව ඔහුගේ හිතටද මහා බරක් විය. යුන්ගි මෙන්ම ඔහුටද ජිමින් ව නිතර මතක් විය. එහෙත් අතීතය අමතක කර ඉදිරි අනාගතයට මුහුන දීම හැර කිසිදු විකල්පයක් ඔවුන් හට නොතිබුනි.

......................................................................

මේ කතාවට ඔයාල කැමතිද? තව episode ලියන්න ඔනෙ නම් comment එකක්/ vote එකක් දාගෙන යන්න😃😃😃💜

Bạn đã đọc hết các phần đã được đăng tải.

⏰ Cập nhật Lần cuối: May 25 ⏰

Thêm truyện này vào Thư viện của bạn để nhận thông báo chương mới!

💜Yoonmin- ඒ ඔබයි💜Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ