13

113 23 49
                                    

මධ්‍යම රාත්‍රියක ඇදහැලෙන මහ වැස්ස !

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මධ්‍යම රාත්‍රියක ඇදහැලෙන මහ වැස්ස !

කකුල් වලට වාරු දුන්න ගනිඳු කාමරෙන් අඩියට දෙකට එළියට යනකොට එයාව දැක්කෙවත් නැති ආකාෂ් හිටියේ වර්ශගේ තොල් ලේ රහ වෙනකම් හපාගෙන.. හරියටම කිව්වොත් ආකාෂ් සිප ගන්නවට වඩා කලේ වර්ශගේ තොල් දත් අතර හිර කරගෙන තද කරලා අල්ලන් හිටපු එක..

Royal Green Whisky වල රහත් එක්ක ලේ රහ මුහු වුණාම දැනෙන අමුතු රස ආකාෂ් ට මතක් කලේම විද්‍යාගාරේ තියන පාට පාට රසායන ද්‍රව්‍ය ගොඩක් කලවම් කරලා කටට හලාගත්තා වගේ කියන හැඟීම..

වැනිලා රසින් පටන් අරගෙන, මික්ස් ෆෘට් රස එක්ක අන්තිමට එන තිත්ත, ඒ එක්ක එන අමුතු සැර එකතු වුණ Royal Green Whisky එකට ලේ රස මික්ස් වුණාම ආකාෂ් ඒ ගැන කොහොම අර්ථගන්වන්නද ?

එක සීරුවටම ආකාෂ් ට හිර වුණ වර්ශ හුස්ම ගන්න ලැබුණ ඉඩෙන් ආකාෂ් ව තල්ලු කරේ දොර ළඟ තියන මිනි කබඩ් එකේ වැදිලා යන්නම.. වර්ශට කේන්තී.. ආකාෂ් ට දුකයි.. එහෙමද ?

අපෝ නෑ.. මේ වර්ශගේ හැසිරීම යටත් වෙන්න තියන අකමැත්ත.. විසික් වෙලා බඩුත් පෙරලන් බිත්තියට වාරු වෙලා ඉන්න ආකාෂ් හිනා වුණේම නෝන්ඩියට.. වර්ශ අඩියට දෙකට ඇවිත් ආකාෂ් ව අත් වලට හිර කරගන්නකොට ආකාෂ් ගේ හිනාව උපරිම..

" ඇයි තමුසේ හිනා වෙන්නේ.. "

වර්ශ උස් හඬින් අහනකොට ආකාෂ් කලේ තව සද්දෙට හිනා වෙන එක.. ඒක කෙනෙක් උමතුවෙන් හිනා වෙනවා හා සමානයි.. වර්ශ ට හිතුනෙම එහෙම..

රතුවෙලා යට ගිලිලා තිබුණ ඒ තරු ඇස්, ආකාෂ් හිටියෙම ඇස් අඩවන් කරගෙන.. ඉතින් අහන්නත් දෙයක්ද, ආකාෂ් කට තියලා බෝතලයක්ම හිස් කලේ තැපෑලෙන් වදින විස්කි එකක් වෙනකොට.. ඒ විස්කි රසට ම ගැලපෙන අමුතු ශෘංගාරාත්මක හැඟීම් ගැන ඕනිවටත් වඩා ඇල්කොහොල් ඇඩික්ටඩ් වුණ වර්ශට පැහැදිලි කරන්න ඕනි නැති තරම්ම..

SKY_RAIN🌦️⏩ Where stories live. Discover now