xvi❗️කොටස

130 18 4
                                    

කාලය කියන්නෙ  අපිට හොරෙන් හරි ඉක්මනට ගෙවලා යන දෙයක්..........

දවස් හරි ඉක්මනට ගෙවලා ගියා......අදට රාධා ලංකාව ඇවිත් දවස් තුනක්.........

මට හොරාවට මාව බලලා ගිය රාධා එදා ක්ලබ් එකෙන් පස්සෙ මගෙන් හැංගිලා......එයා කොහෙද මොනවා කරනවද ඔය කිසි දෙයක් මම දන්නෙ නෑ.....

මම දන්න එකම දේ එයා මේ ලංකාවේ මේ කරදිය වලල්ල ඇතුලේ මං එක්කම හුස්ම ගන්නවා කියලා විතරයි.......

එත් මට එක ඇති උනා මැරිලා වගෙ උන්න මට අලුතින් පන ගහන්න මට එක ඇති උනා.......

තදට වියලුනු කතරකට ප්‍රේමණිය වැස්සක් වැටුනට පස්සෙ එන නැවුම් බව.....මගෙ ජිවිතෙටත් එකතු වෙලා තිබුනා........

මම උන්නෙ සතුටින්.....මාව උනුසුම් උන හැගිම් ගොන්නකින් පිරලා.....මට දැනුනා මැරුන මම ආයෙම ටික ටික පන ගහනවා......මට දැනුනා මම ආයෙම ජිවත් වෙනවා වගෙ......රාධා ගෙ ක්‍රිශ්ණු ආයෙම ටික ටික පන ගැහුවා.......

එත්.....

වාසුදේවන් මන්දිරයට හෙන විතරයි නොගැහුවේ.......

තමන්ගෙ නමට නඩු පවරලා උසාවියට කෑදවලා නොතිසි ආව දා ඉදන් මගෙ නමට අප්පා උන ශිවරාජ් හැසිරුනේ පිස්සෙක් වගෙ.......ඊට හපන් මගෙ මාමා කියන එකා.......මේච්චර කල් ගොඩනගපු ඌගෙ දේශපාලන බලය නැත්ත නැති වෙයි කියන බය එක්ක ඌ හිටියෙ පිස්සෙක්ට අන්ත වෙලා......

මුල් දවස් වල නඩුව දාපු එකා මරලා හරි නඩුව අයින් කරගන්න ට්‍රයි කරපු වාසුදේවන් සහෝදරයො දෙන්නට නඩුව දාපු එකාගෙ හුලගක් වත් හොයා ගන්න බැරි වෙනකොට........උන් දෙන්නා නඩුවට දවස් ලං වෙද්දි ට්‍රයි කරේ කොහොම හරි පලවෙනි නඩු වාරෙන්ම මෙක බොරු නඩුවක් කියලා ඔප්පු කරන්න.......

උන් නිදි නැතුව නඩුව බොරුවක් කියලා ඔප්පු කරන්න හදද්දි.....අනිත් පැත්තෙන් ජොති තමන්ගෙ පලවෙනි නඩුව උන මෙක දින්න මහන්සි උනා.......අපි කෙල්ලට පුලුවන් හැම විදිහටම උදව් කරද්දි....කෙල්ල අපිට වඩා නොකා නොබී මහන්සි උනා.........

කොහොමින් හරි දවස් ගෙවලා ගියා... අවසානෙට නඩුව ඉතිරි වෙලා තිබුනෙ අද දවස විතරයි.....

💞සින්ධුර්💞  (Non fiction)Where stories live. Discover now