I'm getting what is mine

2.4K 452 307
                                    

පුදු සුකක නිසල බව - පකු ලොකක තිබුණි නම්

පගෙ මගට නොවෙයි මේ තරම් සුසුම්

නට තොගිනවාද - නට තොගිනවාද..

පබු එයියට ඇයි දුන්නේ රිදුම්

සිරිකැන්දුවක් හයියෙන්ම පටන් ගන්නකොට කාපු බීපු එකා දෙන්නා ඩාන්ස් ෆ්ලෝර් එකට එකතු වෙන්න ගත්තා.

මෙච්චර වෙලා තිබුන දීප්තිමත් ආලෝකය අඩුවෙලා ගිහිල්ලා නිල් පාට රෝස පාට නියෝන් එලි වලින් ශාලාව ආලෝකමත් වෙනකොට සංගීතයේ රිද්මයත් වැඩි උනා ඉඳගෙන ඉන්න බැරි තරමටම.

"බබා..... ඔයාට නටන්න පුළුවන්ද ?"

ෂැම්පේන් වීදුරුවක් දෙකක් හිස් කරලා උන්නු නේවින්යා අභිෂේක්ගෙ අතින් අදින ගමන් එහෙම කිව්වෙ එහෙ මෙහෙ දුවන ආලෝක ලප දිහා බලාගෙන.

"බබී..... මට නටන්නත් පුළුවන් නටවන්නත් පුළුවන්."

පොඩි හාදයා එහෙම කිව්වෙ ලොකු හාදයා දිහත් හොරෙන් බලන ගමන්.

යාදව් ඇස් බෝල දෙක කරකවලා අහක බලාගත්තෙ පොඩි හාදයාගෙ නැටවිල්ලෙ කස්තිරම් අඩව් ඇත් අඩි පා අඩි සේරම හොඳ හැටි අඳුරන හින්දා වෙන්න ඇති.

"Let's go බබා !"

නේවින්යා අභිෂේක්වත් ඇදගෙන නටන්න පැත්තට ඇදෙනකොට විනූත් නැගිට්ටා යාදව්ව ඇදගෙන.

තරුණ ගැටිස්සියො වගේම නාකි මනමාලයොත් හිතේ හැටියට නටමින් උන්නා එතන.

නේවින්යාගෙ උරහිසට උරහිස තියාගෙන අභිෂේක් තාලෙට පැද්දෙන ගමන් නටනවා. එතන ඉන්න උන්දැලා එයා එක්ක හිනා වෙනවා. මල්ලි බබා මමත් එක්කත් නටමුද අහනවා. නේවින්යා උන්ට රවනවා ආයෙ නටනවා.

යාදව්ගෙ අත් දෙක අල්ලගෙන විනූත් නටනවා. යාදව් එහෙට මෙහෙට පැද්දුනත් ඇස් දෙක තිබුනෙ පොඩි හාදයා ලඟ.

නැටීම වනාහි සම මස් නහර ඇටමිදුලු වලින් කිඳා බැස ලේ වලට මිශ්‍ර වූ දෙයක් තමයි පොඩි හාදයාට.

ඒ අංග චලන එක්ක මූණෙ හැඟීම් ගානට පෑහෙනකොට නේවින්යාත් එක්කන් ගෑවි නොගෑවි නටන පොඩි අමුත්තා ලඟ තමයි හැමෝගෙන අවධානය තිබුනෙ ඒ වෙලාවෙ.

කොල්ලෙක් කුලියට දීමට ඇත ( 18+ )Where stories live. Discover now