Chapter 42

31 7 20
                                    

යුන්ගිගෙ  ඉල්ලීම උනේ වැඩ  කරපු කොලේජ් එකට එක්කන් යන්න කියන එක..ඒකත් කවුරුත් නැති වෙලාවක..අනික විශේෂයෙන්ම යුන්ගි ඉල්ලුවෙ යුන්ගිත් එක්ක ජන්කුක්ට විතරක් එන්න කියලා...

_____________________________________________

මාස දෙකෙහි අවසානය වෙනකොට..

යුන්ගිව එලියට අරන් යන්න අවසර ගන්න ජන්කුක්ට දවස් කීපයක් ගත උනා..ජන්කුක්ට තව තව වැඩ තිබුන නිසා..මේ අතරෙ ජිමින්...

"හියුන්ග්.."

"ජිමිනා.."

"හියුන්ග් මට..."

"උඹ ඔය කියන්න හදන්නෙ යුන්ගිව බලන්න එක්කන් යන්න කියලනෙ.."

ජිමින් ඔළුව වැනුවා..

"ජිමිනා වෙන ඕන දෙයක්..ඒත් ඒ දේ කරන්න බැහැ..මියානේ.."

ජින් යුන්ගි ගැන කියනකොට අනිත් අයට කෑ ගැහුවට ජිමින්ට එහෙම කෑ ගැහුවෙ නෑ...

"උඹව එහෙම එකෙක්ගෙ හුළගක්වත් වදින්න තියන්නෙ නැහැ මම.."

"හියුන්ග්..චේබාල්...මට හියුනී එක්ක කතා කරන්න ඕනෙ..."

"අනී ජිමින්..අනී...ඔයාව එලියට යවන්න තරම් රිකවර් වෙලා නෑ..හැබැයි උඹ මට හොරෙන් ගිහින් තිබ්බොත් බලා ගන්නම්..විශේෂයෙන්ම උඹේ මේ අතිජාත මිත්‍රයා එක්ක..."

ජින් හැරුනෙ  පැත්තක බලන් හිටපු සොන් දිහාට...දෙන්නගෙ හැටි දන්නවනෙ..සොනුත් බිම බලා ගත්තා..

ජිමින් වද කර කර යුන්ගිව බලන්න යන්න දගලනවා..ජින් නම් දෙන්නෙ නෑ ඉතින්...

___________________________________________

"සර්...මේ මිනිහා..."

"බය වෙන්න එපා..මට බලා ගන්න පුළුවන්.."

ජන්කුක් යුන්ගිව එක්කන් යන දවස උදා උනා...ජේල් එකේ අය කැමති උනේ නෑ ජන්කුක් තනියම යනවට..මොකද යුන්ගි ගැන කිසිම විශ්වාසයක් නොතිබුන නිසා...

ඉතින් කට්ටිය කොලේජ් එකේ නැති මොහොතක ඒ කියන්නෙ හවස 5.30 ට විතර ඇති ජන්කුක් යුන්ගිව අරගෙන ආවා...ඒ ආවාම යුන්ගි ජන්කුක්ට පාර කීවේ අර මේපල් ගහ යටට.....

ආත්මයේදී...Where stories live. Discover now