" රිනුත් !!! තමුන් තාම ඔය මල ඉලව්ව නවත්තලා නැද්ද "
සාමාන්‍ය සතියකට පස්සේ ඉරිදා මම කාලෙකින් මම කරන්න ආසම දෙයක් කරන්න එලි බහින්න හැදුවා විතරයි තාත්තා මට කතා කරා..
" මම නවත්තලා තියෙන්නේ තාත්තා.. හොබී එකක් විදිහට ක්ලබ් එකේ ප්ලේ කරනවා විතරයි "
" මම ඔයාට කියලා තියෙන්නේ රිනුත්.. ස්ටඩීස් ටික හරියට කරන් මගේ බිස්නස් වලට හෙල්ප් කරන්න ලෑස්ති වෙන්න.. ෆුට් බෝල් ගහන ඔය ටයිම් එකේ ඔෆිස් ආවනම් මක් වෙනවද "
" තාත්තා මම ස්ට්‍රෙස් රිලීස් කරන්න විතරයි මේක කරන්නේ.. මම ඔක්කොම බාහිර දේවල් නවත්තලා තියෙන්නේ.. ප්රිෆෙක්ට්ශිප් එක ඇරෙන්න "
" ඒකටත් මගේ ලොකු කැමැත්තක් නෑ.. ඒත් තමුන්ට ඒක ඕනිමයි කිව්ව නිසායි කරන්න ඉඩ දුන්නේ "
" ම්ම්ම්.. මම ගිහින් එන්නම් තාත්තා "
අපේ තාත්තා ගෙදර ඉන්නේ නැති තරම්.. මේ හරියටම මාස තුනකට විතර පස්සේ ගෙදර ආවේ.. ඒ ආවමත් එයා කරන්නේ මට අණ දීලා මොනාහරි වැල් බයිලාවක් ගහලා යන එක..
මම 6 වසරේ ඉදලාම ෆුට්බෝල් ගැහුවා.. ඒක තමා මම කරන්න ආසම දේ.. යසී බ්රියෝ එක්ක බයික් එකෙන් රවුම් ගහන්න පුරුදු වෙන්න කලින් ඒක තමා මගේ හොබී එක.. ඒත් ඕලෙවල් ඉවර වෙනවත් එක්කම මට කොමස් කරන්න ගෙදරින් බල කිරීම් එනවත් එක්කම මට මම කරපු ක්‍රීඩා වලට තිත තියන්න වුනා..
හැබැයි එහෙම කියන කියන හැම එකක්ම කරන්න මම කොන්ද පන නැති පිරිමියෙක් නෙවෙයිනේ !!!
මම නවත්තපු මුවාවෙන් ඒ සේරම කරනවා.. විශේෂත්වය තමා මම ඉස්කෝලේ ඇතුලේ ප්‍රැක්ටිස් කරනවා වෙනුවට ක්ලබ්ස් වලට ජොයින් වෙලා ප්‍රැක්ටිස් කරන එක.. ඉස්කෝලේ ස්පෝට්ස් කරන සෙට් එක දන්නවා ගෙදරින් කැමති නෑ කියලා.. ඒ නිසා මැච් එකක් තියෙද්දි ටග්ගලා මට කියනවා.. ක්ලබ් ගිහින් ප්‍රැක්ටිස් කරලා ඉස්කෝලේ මැච් ගහනවා ශේප් එකේ..
මම ප්‍රැක්ටිස් බෑග් එකත් දාගෙන බයික් එකෙව් එලියට බහිද්දිම මට කෝල් එකක් ආවේ සහෙල්ගෙන්..
" මචන් රිනූ උබ වැඩකද "
" නෑ බන්.. මන් මේ ෆුට්බෝල් ක්ලබ් එකට යන්න කියලා.. මොකෝ කේස් එක "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !