සහෙල් × යසිරු
( මේක special chapter 1 එකෙන් පස්සේ ඉදන් අන්තිම චැප්ටර් එක වෙනකන් සිද්ද වෙච්ච යසිරු සහෙල් කපල් එකට අදාල සිදුවීම් කතෘ මානයෙන්.. ඉතින් මේක කියවන්න කලින් කලින් චැප්ටර්ස් කියවලා නැත්නම් කියවලා ඉන්න කියලා ඉල්ලනවා.. )
Author pov
එදා සහෙල් යසිරුට එයාව සහෝදරයෙක් විදිහට දකින්නම් කියලා පොරොන්දු වුන දවස ඒ දෙන්නටම නින්ද නැති රැයක් වුනා..
වෙනදා එකම ඇදේ යසිරුගේ තුරුලේ නිදාගන්න සහෙල් එදා හිතලම ඇද කොනේ ගුලිවුනා.. දෙන්නම ඇස් තදට පියන් හිටියත් දෙන්නගේම නින්ද අහලකවත් තිබ්බේ නෑ.. විශේෂයෙන් සහෙල්ට.. කදුලු වලට තෙමෙන කොට්ටේ එක්ක ටිකකින් නහය හිරවෙලා ගලන හොටු දියර උඩට අදිද්දි මෙච්චර වෙලා හොරාට නිදි වගේ හිටපු යසිරුගේ පපුවත් ඇදුම් කන්න ගත්තා..
ආපස්සට තුරුල් කරන් ආදරෙයි කියන්න ඕනි වුනත් යසිරු කොහොම කියන්නද.. අත් මිටි මොලවන් දත්මිටි කාගෙන නිදි විදිහටම දිගටම ඉන්නවා ඇරෙන්න යසිරුට කරන්න පුලුවන් වුන දෙයක් තිබ්බේ නෑ..
සහෙල් හෙමිට ක්ලචර්ස් දෙකත් ලන් කරන් ඇදෙන් නැගිටලා වොශ් රූම් එකට ගිහින් ටැප් එකත් ඇරන් ඉකි ගගහා අඩන සද්දෙත් යසිරුට අහන් ඉන්න වුනා.. ඇදේ තියෙන කොට්ටේ කදුලු වලටම තෙත් වෙලා තියෙන හැටි දැක්කම යසිරුගේ හදවත පැලුනේ නැති ටික විතරයි.. ඒ තරම් වේදනා දෙනවා ඒ හදවත සහෙල්ගේ කදුලු වලට..
සහෙල් පැයකට කිට්ටු වෙන්න වොශ් රූම් එක ඇතුලේ ඉදලා එලියට ඇවිත් ඇදේ හෙමීට වාඩි වුනා.. යසිරු තාමත් ගුලිවෙලා නිදි වගේ හිටපු නිසාද මන්දා සහෙල් යසිරුගේ කොන්ඩේ අස්සෙන් එයාගේ හිනි ඇගිලි යවලා අතගාන්න ගත්තා..
" උබ නැතුව ජීවත් වෙනවා කියන්නේ මම ආපහු මැරිලා ඉපදෙනවා වගේ දෙයක් යසී.. මෙච්චරකල් හිටියා වගේ ආදරේ ගැන අගවන්නේ නැතුව මට ඉන්න තිබ්බා නේද.. ඔයාගේ උත්තරේ දැන දැනම මම කිව්වේ අපරාදේ.. ඒක හිතුවට වඩා වේදනාකාරී යසී.. පපුව පැලෙන්න වගේ බන්.. මට ගොඩක් රිදෙනවා.. "
YOU ARE READING
Daisy ( ONGOING )
Romanceතටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !