#හැට_තුන්වන_කොටස 💜️
"මේ වල් පරයා මෙතන...අපි අරහෙ උඹව හොයනවා ඔටු ලබ්බා..තො මොකද කරන්නෙ තනියම මෙතන්ට වෙලා.."
සිතිජයගෙ සද්දෙට මං ගැස්සුණා එකපාට්ටම..
"මොන හුත්...බයත් උනා පගො...තො මෙතන බෙඩ්ෂීට් එකත් ඔලුවෙ පොරවන් මෝහිණි වගේ දැක්කනම් බය වෙනවා මොකෙක් හරි..යකො පපුව තාම ගැහෙනවා මේ බලපන්..."
මං සිතිජයගෙ අත අරන් පපුවෙ තියාගත්තා...
"අඩො පෝන් එක නේද මේ උඹේ.."
"ඔව් ඔව් පෝන් එක හම්බුණා බන් මේ.."
"අඩො නො කවුද දුන්නේ..කා ගාවද තිබ්බේ.." ?
"උඹ හිතන්නෙ කා ගාව කියලද.." ?
"ඒක දන්නවනම් බල්ලො මං උඹට කලින් ගිහින් පෝන් එක අරන් ඇවිත්නේ.."
"විශ්වාස කරපන් චමත්කයා ගාව තිබ්බෙ.."
"නෑ.."
"නෑ නෙවෙයි යකො ඔව්.."
"ටහුක්...මොකො උනෙ ඊටපස්සෙ.." ?
"නෑ ම්ම් මේ..විශේෂ එහෙම මුකුත් උන් නැ..."
"සිරා කියපන්.."
"නෑ බන් මෙ.."
"කියපන්..කියපන්.. උඹ මොනාහරි හංගනවනෙ..."
සිතිජ ඇස් හීනි කරන් මං දිහා බැලුවේ..
"නෑ නෑ බන් පිස්සුද.."
"පල..."
සිතිජයා මං දිහා ඔරවලා වගෙ බැලුවා..මේ යකා නම් උගෙන් මෙලෝ දෙයක් හංගන්න බෑ..
"කියපන්..කෝ කෝ අත ගනින්..අත ගනින් කම්බුලෙන්..ආ..හා...තෝ එනම් මේකද හැංගුවේ...ඌ උඹට ගැහුවද..උඹට ගහන්නෙ ඇයි ඌ..ඌ නම් නටනවා වැඩි වරෙන්කො ඕකට හොඳ වැඩක් කරන්ඩ ඕනි...වල් පකයා ඌට කොහෙන් ආපි හයියක්ද අපේ බැජ් එකේ උන්ට අත උස්සන්ඩ තැරියා..යමන්කො මිෂෙල්ට කියන්ඩ.."
සිතිජයා හැදුවෙ මගෙ අතින් ඇදගෙන එක්ක යන්ඩ...
"නෑ..නෑ ඕනි නෑ..එහෙම එපා.."
"ඇයි දැන් උඹ බයද උට..." ?
"බයවෙන්ඩ මං...බයවෙන්න නම් ඊට වඩා දේවල් තියෙනවා බන්..ඒත් අපි ඉන්නෙ කැම්පස් එකේ සින්නො ටරහ කගන්ඩ නරකයි.."
YOU ARE READING
♡ වැහිකෝඩ || T̆̈h̆̈ĕ̈ R̆̈ă̈ĭ̈n̆̈ C̆ŏ̈d̆̈ĕ̈ || Ongoing ♡
Non-Fictionතුන් කොන් ප්රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද ක...