ටිකකින් මන් ඇහැරුනේ එකපාරම වාහනේ නතර වෙනවත් එක්කමයි. හෑ යකෝ මේ ටිකට නින්ද ගිහින්ද. වටපිට බැලුවම අපි හිටියෙ යාලට ඇතුල් වෙන තැන. මන් බලද්දි අහ අහ සින්දුව ආයෙ ආයෙ ආයෙ play වෙනවද කොහෙද. මහරු අයියා ඇතුලෙ හිටියෙත් නෑ. අර මොකද්ද pass අනන් මනන් පෙන්නන්න යන්න ඇති. Driver හිටියෙත් නෑ. මන් එහාපැත්ත බලද්දි අරූ නම් හිටියා මට එහාපැත්තෙ ඉදගෙන. මේකාකන්න වගේ මගෙ දිහා බලාගෙන හිටියෙ. ඇස් දෙකත් ලොකු කරන්. මේ මොකද මේ. මාත් ඉතින් බලන් හිටියා සින්දුවට කන් දීගෙන.මන් ඇස් දෙක හීනි කරගත්තා. මේකා ඒත් කන්න වගේ මගෙ දිහා බලන් හිටියා මාරුවෙන් මාරුවට මගෙ ඇස් දිහයි phone එක දිහයි බල බල." මොකද?"
මන් handfree ගලවල උගෙ දිහා හැරුණා. හෑ යකෝ...මන් මෙච්චර වෙලා handfree ගහන් ඉදල තියෙන්නෙ නිකන්ද...සින්දුව එළියටනෙ ඇහිල තියෙන්නෙ.ඈක්කා.මන් බලද්දි handfree එක connect වෙලා නෑ. වස ලැජ්ජාවයි. හැබැයි අරකා හිනා උනෙත් නෑ. කිසිම හැගීමක් මූනෙ තිබ්බෙ නෑ. මන් ඉක්මනට play වෙවී තිබුණ සින්දුව pause කරල phone එකේ screen off කලා. ඒත් එක්කම වගේ මහරු අයියා ආවා driver එක්ක. අරකා seat එකට ඔළුව හේත්තු කරන් හිටියෙ.
" මොකෝ උණේ?"
" ඔක්කොම හරි දැන් යන්නයි යන්නෙ......."
කියපු කැත... යන්නයි යන්නේ....අර නිකන් ... ඒක ඕන්නෑ ශිට් මගෙ වලත්ත හිත.. යන්නයි යන්නෙ... ආහ් ......සැහ්....මගෙ පන්සලක් වගේ හිතට එක එක ඒව දානවනෙ මේ ඔළුබක්කා..
" යනව නම් නවත්තගනින්.. ඔළු බක්කා"
" තෝනෙ ඔළු බක්කා. බලකො...ඔළුව හෙන ලොකුයි..තඩි කාක් කූඩයක් ඔළුව උඩ තියෙනවා වගේ.."
මහරු අයියා ඉස්සරහ ඉදන් හිනාවෙනවා.
" අනේ මේ ටෝ ටෝ එන්න එපා එක එක ඒව කියාගෙන.. දන්නෑ මගෙ හැටි.කිඹුලෙක්ට කන්න තල්ලු කරනව වැවකට.. නරියා"
" බයයි මන්."
" සින් ගාල ගන්නවා ඈ යසිරු අයියට කෝල් එකක්.."
" මන් බය උණා .."
" ඉස්සරහ බලාගනින් වල් හැලයා"
මන් මහරු අයියගෙ උරහිසට ඇනල අහක බලාගත්තා. අරකා බයවෙලාද කොහෙද. හිනාවක්වත් නෑ. ඔහේ ඉන්නව බය වෙලා වගේ මන් දිහා බලන්.
YOU ARE READING
ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | NONFICTION (ONGOING)
Non-Fictionඅයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍