13

169 40 13
                                    

ඉතින් පපුව පැලෙන්න තරන් වේදනාවක් තිබුනත්.. එකම එක වචනෙකට පුලුවන් උනා ලියම්ගේ හිතේ තිබුන වේදනාව සම්පූර්ණයෙන්ම නැතත් පොඩියට හරි සැනසීමක් ලැබුන.. ලියම් එයාගෙ අත්තම්මා ගෙ නිසල සිරුරත් බදාගෙන හිටියත් එයාට දැනුන අරලිය මල් සුවදත් එක්ක එයාට ඇහුන පුරුදු ආමන්ත්‍රණය ත් එක්ක කලින් වුන හැම සිදුවීමක්ම පරයලා ආරක්ෂශාකාරි හැගීමකින් වෙලාගන්න සමත් වුනා..

"ඔහොම ඉකිගහන්න එපා වස්තුව.. ම්ම්ම් උබට හුස්ම ගන්න බෑනෙ"

ඉතින් වෛරයෙන් පිරුන හිතකින් වුනත් මොකද මහසොන් අවතාරෙගෙ කටින් පිටවුනේ ආදරනීයම වචන පෙළක් වෙනකොට ලියම්ට ආයෙමත් හයියෙන් ඇඩෙන්න ගත්තා.. මොකද මෙච්චරක් කාලෙකට එයාට ආදරෙන් කතා කරපු එයාගෙ ආදරනීය අත්තම්මා කිසිම වරදක් නොකර මැරෙන්නෙ ඇයි කියලවත් හේතුවක් නොදැනුවත්ව දුක් විදලා මැරිලා ගියා ඒකත් තමන්ගෙම ඇස් දෙක ඉස්සරහා.. ඉතින් අමුනුස්සපරානෙගෙ මුවින් පිටවුන ඒ වචන වලින් සිද්ධ වුනේ ලියම් තව තවත් අඩන එක වෙද්දි හුස්ම ඇද ඇදා ලියම් කතා කරා. කතා කරගන්න බැරි තරම්ම අඩලා තියෙද්දි සමහර වචන ලියම් කිව්වත් ඒ වචන එලියට ඇහුනෙ නෑ.. මොහොතකට කලින් සිද්ධවුන ඒ සිදුවීමත් එක්ක කෑ ගහලා අඩපු ලියම්ට තවත් කතා කරගන්න බැරි වුනාට මොකද වචන අහුල අහුල කතා කරා..

"ම්ම්ම්මගෙහ්.. අම්මා ග්ග්..ගියා..නෙහ් මාව දාලා.. ඔයාහ් ට ප්ප්...පුලුවන්න්න්...නේද.. එයාට.. පන දෙන්නා.. ආ ක්ක්..කියන්..නකෝ.. ප්පු..ලුවන්...නේදහ්.."

"මං මං ඔයාට... ම්මග්ගේ. ඇග.. දෙන්න්න්..නම්... ඇත්..තමයි.. කි..යන්..නේ... ක්කොච්...චරක්.. රිද්දුනත්... මං මං එප්ප්..පා කියන්නැ..තුව ඉන්නම්... අත්තම්මා ව.. ගෙන්නත් දෙන්නවද.."

මහසොන් අවතාරෙ මනුස්සයෙක් උනානන් මේ වේදනාව එයාටත් දැනෙන්න තිබුනා ඉතින් කොහෙන්ද යකෙකුට හැගීම් කියලා දෙයක්.. ප්‍රේමය කියන දේවත් දැනෙන්නෙ නැති අමුනුස්සපරානයක් කොහොමද අහිමිවීමක වේදනාවක් දන්නෙ..

"උබගෙ  අත්තම්මට ඔය ඉරණම අත් වුනේ උබ නිසායි වස්තුව.. උබ නිසා විතරමයි..."

"අමුනුස්සයෝ ගෙන්නන කරන යාතිකාව කොරානම් විදෝපන් මගෙ පුංචි වස්තුව.. උබේ ලේ වලට වහ වැටුන අමුනුස්ස පරාන උබමයි මෙහෙට ගෙන්නුවෙ.. දැං ඉතින් අඩලා කාරියක් නැතුවා..."

මහසොන් අඩවිය Where stories live. Discover now