#අනූ_දෙවන_කොටස 💜️
මං උදේ නැගිටිනකොටත් එයා ළඟ නෑ..එයා උදෙන්ම කාමරෙන් එළියට ගිහින් මට ශීට් එකකුත් පොරවලම..මන් ඊයෙ මහන්සි උන නිසාමද කොහෙද මට නින්දෙ ගියේ..
මං පෝන් එක අරන් වෙලාව බලද්දි හතත් පහුවෙලා..අඩේ මෙච්චර වෙලා නිදාගෙනද..මං ඉක්මනින් කොණ්ඩෙත් හදාගෙන පහළට යද්දි චමත්ක අයියා පේන්න හිටියේ නෑ..මට හෙන තනිකමක් දැනුණා..මන් හිතන්නෙ කොහෙ හරි ගිහින් එන්න යන්නැති..ඒත් නන්නාඳුන ගෙදරක මෙහෙම ඉන්න ගියහම කවුද කියලා දන්නෙවත් නැතුව මට හෙන අමුත්තක්,තනිකමක් දැනුණා..මගේ හිත කිව්වෙම පහන් දැන් ඔයා යන්න..ඔයාගෙ අතින් වෙන්න ඕන දේවල් උනා..දැන් ඔයා ගැන හිතලා යන්න කියලා..ඒත් මන් චමත්ක අයියා වෙනුවෙන් අද ඉන්න ඕන කියන හැඟීම ඊටත් වඩා මට වද දුන්නා..දුක් දුන්නා..
මන් එළියට ගිහින් පුටුවකට වෙලා වාඩිවෙලා ඉන්නැද්දි චමත්ක අයියගෙ තාත්තා ඉන්නවා දැක්කා පුටු ඇන්දකට බර උනු අතක ඔලුව ගහගෙන..පව් අප්පා දැක්කමත් හිතට අවුල්..එදා කොච්චර නම් සතුටින් හිටියද..අද එක්කෙනෙක් තනිවෙලා..මේකම නේද මටත් උනේ..අපිටත් වෙන්නෙ..ජීවිතෙ හරි පුදුමාකාර දෙයක් කියලා මට තේරුණා..අද අපි ළඟින් ඉන්න අය හෙට වෙනකොට තව විනාඩියක් යනකොට නැතිවෙන්න පුළුවන් එහෙව් අස්තීර ජීවිතේකට අපි කොටුවෙලා ඉන්නේ..ඉතින් අපි ආදරෙ කරන මිනිස්සු වෙනුවෙන් පසු තැවීමකට ඉඩ දෙන්න හොඳ නෑ කියලා මට හිතුණා..ආදරෙ කරන මිනිස්සු ළඟින්ම ඉන්න..ආදරේ විතරක්ම දෙන්න ඕන කියලා මට තේරුණා..
චමත්ක අයියගේ තාත්තා කියන්නෙ මං දන්න කියන එකම මනුස්සයා මෙහෙ ඉන්න..මං එතනට ගිහින් ළඟ තියෙන පුටුවක් ඇදගෙන අරන් වාඩිවෙලා චමත්ක අයියගෙ තාත්තගේ උරිස්ස උඩින් අත තියලා හිත හදන්න වගේ තට්ටු කරහම ඒ මනුස්සයා නින්දෙන් අවදි උනා වගේ ඇහැරිලා මන් දිහා බලලා හිනාවුණෙ මැලවුණු විදිහට..
"ක..කවුද මේ.." ?
"තාත්තෙ මන් එදා අර ආවේ චමත්ක අයියා එක්ක දවසක් රෑ මෙහෙ..මතකද.." ?
"මේ....මේ ආ අර පුතා නේද..අපේ පුතාගේ යාලුවනෙ..මට මොකද අමතක වෙන්නෙ.." ?

YOU ARE READING
♡ වැහිකෝඩ | Ongoing ♡
Non-Fictionතුන් කොන් ප්රේමෙක පැටලුණු ඔබත්,මමත්,ඔහුත් ∆ 18+ ⛔ මෙය සමරිසි ආදර කතාවක් වන අතර සුරංගනා කතාවක් නොවේ.එසේම මෙය යතාර්ථය තුළින් ලියවුණු කතාවක් වන අතර සැබෑ අන්තර්ගතයන්ද අඩංගු වේ.ඔබ සමරිසි කතා කියවීමට අකමැත්තක් දක්වන අයෙකු නම් නොකියවන ලෙස ඉල්ලා සිටීමටද ක...