Chapter 08

1.2K 195 36
                                    

Chapter 08

Jin pov

මගේ කම්මුල හරහා වැදුනු තද අතුල් පාරත් ඒත් එක්කම වැදුනු තද වතුර පාර මාව පියවි සිහියට අරගෙන ආවා. 

ඇග පුරාම තිබුනු කැපුම් තුවාල වලත් තැළුම් තුවාල වලත් වේදනාව දැඩි වෙද්දී මම කල්පනා කලේ මම කොයි තරම් වෙලාවක් මේ වදකාගාරේ ඇතුලේ ගත කලාද කියලයි.

ආයෙත් මගේ කම්මුල හරහා අතුල්පාරක්වදිද්දී මම යන්තන් ඔළුව ඉස්සුවා. මගේ ඉස්සරහින් පුටුවක සැපට වාඩිවෙලා හිටපු jakson එතනින් නැගිටලා ඇවිත් රළු විදිහට මගේ නිකටෙන් අල්ලලා එයාගෙ පැත්තට මගේ මූණ හරවගත්තා. 

දැන්වත් කට ඇරපන්. කියපන් කවුද RM…?

මම දන්නේ නෑ. 

මගේ එහා පැත්තෙන් හිටපු මිනිහෙක් මගේ බඩට අතමිට මොලවලා ගහද්දී මාව පිටිපසට විසිවුනා. එත් මාව බැදලා තිබුනු දංවැල් නිසා මාව ආයෙත් බිමදිගේ හිටපු තැනටම ඇදිලා ආවා.

Jin Jin…. උඹ මට ඕන දේ කෙලින්ම කියුවානම් මෙලහකටත් අපි උඹව අතඇරලා. 

එහෙන්ම් අපිත් නිදහස්, උඹත් නිදහස්. 

Jakson කියද්දී මම මට පුළුවන් උපරිමයෙන් සමච්චල් හිනාවක් මූණට නගාගත්තා.

මම දන්නෙ නෑ.  

මම ස්ථීරවම කියද්දී jacksonගේ මූණට බලාපොරොත්තු කඩවුනු, සෑහීමකට පත් නොවුණු පෙනුමක් නැගුනා.

මට මේක දිගටම කරන් යන්න කිසි උවමනාවක් නෑ. මේක තමුන්මටයි තමුන්ට කර ගන්නේ…

Jakson අත් ඔසවලා මගේ දෙපැත්තේ හිටපු මිනිස්සුන්ට සංඥා කරද්දී මම ඇස් පියාගත්තේ ඊළඟට වෙන දේවල් දරා ගන්න මාවම සූදානම් කරමුනුයි.

********************************************************************

Jakson p.o.v

මිනිහා මොනවා හරි කියුවද..?

මම taoගෙන් ඇහුවේ dungeon එකෙන් එලියට ඇවිත් පැයකට පස්සෙයි.

නෑ boss. මිනිහා කටක් හොල්ලන්නෙ නෑ.

Tao කියුවම මම පුදුම වූනේ මිනිහා මෙව්චර තද මනුස්සයෙක් කියලා මම නොහිතපු නිසයි.

NO MORE DREAMS Where stories live. Discover now