දෙකොපුල් අතරින් නැඟෙන හසරැල් - පුබුදුවයි ඈට ඇති ස්නේහ හැඟුමන්. නෙතට නෙත අපි හමු වුණොත්නම් - නවතී මොහොතකට හදේ ගැස්මන්. නොවුනට අප'තර වැඩි කතාබහක් - නෙතඟේ ඇත ඇගෙ රූ සිතුවමක්. සිත්තමින් දෙන ඉඟියකින් වුව - සුව කරනට හැක හදේ රිදුමන් රිදවූවත් ඈ මගේ හැඟුමන් - කෙසේ යවම් ඈ මගේ සිහිනෙන්. මන්ද... ඇයයි සැමකල් - හදවතේ රාධාවන්. ඉතින්... හදේ රාධාවන් වඩිනතුරු - පෙරමඟ ඉන්නම් බටලීය තියන්.❤️ Buddhima Himal 30.03.2022