සිතමින් නුඹ ගැන ගෙවූ කාලය
නිම කෙරුමට බැහැ කෙතරම් ලීවත්
ගොතන්නට එම සිතිවිලි කවියට
පතමි අවසර ආදර රාධාගෙන්උත්සවයක පිරුණු සෙනඟ අතරෙහි
දෑස වෙහෙසමින් සෙව්වා නුඹේ රුව
සෙනඟ පීරමින් ඉදිරියට ඇදුනේ
දක්නට පතමින් මගේ රාධාවසැනෙකින් මේ නෙත් දැවටුණා නුඹේ ලඟ
සිටියේ නුඹ ඔසරියෙන් සැරසී
නීල දෑස හා නුඹේ නීල ඔසරිය
කදිමට පෑහුණා මෙන් කිරි පැණීනා දළු දෙතොලත් මොලොක් දෙකොපුලත්
ඔබ සුන්දර බව විදහා පෑවා
දෙතොලේ රැඳෙනා ලෙන්ගතු සිනහව
කාන්දමක් මෙනි මා ඇදන්නාසිතුණත් කතා කරන්නට නුඹ හා
නැත උවමනා කරනට සිත් පෑරුම්
එම නිසා මං ගතින් දුරස් වී
සිතින් ලංවී බලා සිටියෙම්ගොළුව වියකුණු රිදුණු දෙතොලට
ගලන්නේ නම් සිනාවේ මලක්
හිමි වැඩ සිටි නේරංජනාවේ
උඩු ගං බලා වුව පිහිනමි මම්ජීවිතේ නම් මේ වගෙයි
වෙලෙන්නට තව තව සිතෙයි
නුඹව මගෙමයි මට හැඟෙයි
අන්සතු කරනට නම් ලොබයිකෙදින හෝ මේ භවේ දවසක
කරගනිම් නුඹව මාගෙ පතිනිය.
එකී දවස පැමිණෙනා තුරු මා
බලා සිටින්නම් බටලීයත් සමඟින්!බුද්ධිම හිමාල් තෙන්නකෝන්
08.05.2022
YOU ARE READING
හදවතේ රාධාවන්!💖
Romanceදෙකොපුල් අතරින් නැඟෙන හසරැල් - පුබුදුවයි ඈට ඇති ස්නේහ හැඟුමන්. නෙතට නෙත අපි හමු වුණොත්නම් - නවතී මොහොතකට හදේ ගැස්මන්. නොවුනට අප'තර වැඩි කතාබහක් - නෙතඟේ ඇත ඇගෙ රූ සිතුවමක්. සිත්තමින් දෙන ඉඟියකින් වුව - සුව කරනට හැක හදේ රිදුමන් රිදවූවත් ඈ මගේ හැඟුමන්...