සිය ගම්මානයේ දරුවන්ට වැළඳුණු අත්භූත රෝගයේ සුලමුල සෙවීමට නුවණක්කාරයෙකු සොයා පීකිං නුවරටයන "චූටිගොනාහට", "කැරැට්ටුව නොහොඳ මාස්ටර් ලී කාඕ" හමුවේ. රෝගයට එකම විසඳුමවන "මහ තෙදැති ජින්සෙන් මුල" ඔවුන් කෙසේහෝ සොයාගතයුතුම ය. ඖශධය සොයායන ගමන පහසුනැත. මඟදිගට අපූරු චරිත... විවිධ විශ්මයජනක දර්ශන... ත්රාසජනක චාරිකාවන් සහ අහඹු නොවන අහඹු සිදුවීම්වලට මාස්ටර් ලී සහ චූටිගොනාට මුහුණදීමට සිදුවන අතර දෙව්ලොවද කළඹවමින් ඉතා ඈත අතීතයේ සිදුවූ සාපරාධී ක්රියාවක වර්තමාන අක්මුල්වල මාස්ටර් ලී සහ චූටිගොනා පැටලෙන්නේ, ඔවුන්ටත් නොදැනීමය.
8 parts