මෙතෙක් කල් යැන් වූෂි ගමන් කර තිබුණේ රුධිරය සහ මළ සිරුරුවලින් පිරුණු මාවතකයි . ඔහු මනුෂ්‍යත්වයේ යහපත් ස්වභාවය විශ්වාස කළේ නැත. ඊටත් වඩා ඔහු විශ්වාස නොකළ තවත් දෙයක් විය. එනම්, කිසිම දෙයක් ගැන ආපසු බලාපොරොත්තු නොවී අන් අය කෙරෙහි සැලකිල්ලක් දක්වන කරුණාවන්ත, යුක්තිසහගත හැඟීම් ඇති පුද්ගලයෙක් මේ ලොවේ සිටිය හැකි වීමයි. දිනක්, අහස යට අංක එකේ නිකාය වන ෂුඅන්දූ කන්දේ නිකාය නායකයා වූ ෂෙන් ච්‍යාඕ ද්වන්ධ සටනක නියැලී එයින් පරාජයට පත් වී කඳු මුදුනෙන් වැටුණි. දෛවයේ සරදමකට මෙන් යැන් වූෂි ඒ අවස්ථාවේ සිටියේ කඳු පාමුලයි. දරුණු ලෙස තුවාල වී, මිය යන තරමටම තුවාල ලබා සිටි ෂෙන් ච්‍යාඕ දුටු ඔහුට එක්වරම කදිම අදහසක් පහළ විය. මුල් නවකතාවේ නම : Qian Qiu | 千秋 කතෘ : Meng Xi Shi | 梦溪石 පළමු පළ කිරීම : Changjiang සාහිත්‍ය සහ කලා ප්‍රකාශන ආයතනය, jjwxc, 2015 ඉංග්‍රීසි පරිවර්තනය: Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක: MoMoePom
36 parts