ආදරේ කියන්නේ මොකක්ද ? මීට අවුරුදු ගානකට කලින් කවුරුහරි මගෙන් එහෙම ඇහුවානම් මං ඒකට උත්තරේ දැනගෙන හිටියේ නෑ... සයන්ස් කරපු මං ආදරේ දැක්කේ මොලයේ ඇතිවන රසායනික ක්රියාවලියක ප්රතිඵලයක් විදිහට විතරයි... පස්සේ කාලෙක මට කෙනෙක් හම්බුනා හරියටම ආදරේ කියන්නේ මොකක්ද කියලා තේරුම් කරලා දුන්න.. ආදරේ හෝඩියේ ඉදන් හැමදේම මං ඉගෙන ගත්තේ එයාගෙන්... දැන් මං දන්නවා ආදරේ කියන්නේ මොකක්ද කියලා... මට ඒක පරිණත විදිහට අකුරු කිහිපයකින් මෙහෙම කියන්න පුලුවන්.... ආදරය යනු කිසිදිනෙක අතුරුදහන් වී ඇති බව නොදැන සිටි ඔබේ ආත්මයේ කොටසක් ඔබට ලබාදීමයි.. ඉතින් ඔයාලා කැමතිද මගේ කතාව අහන්න... කියන්නම්, හැබැයි එක දෙයක්, ඔයාලට මගෙන් එකම එක ප්රශ්නයක් විතරක් අහන්න බෑ... මගේ කතාව ඇතුලේ තහනම් වාක්ය "කෝ දැන් එයා ".... ඒක අහන්නේ නැත්තම් මං කතාව කියන්නම් ...
31 parts