තිස් වෙනි කොටස

41 5 8
                                    



දන්නවද මිනිස්සුන්ගේ ජීවිත හරි පුදුමයි... මිනිස්සු කියන්නෙත් මේ ලෝකේ ජීවත් වෙන තවත් එක සත්ව කොට්ඨාසයක් විතරක් වුනාට ඉපදිලා මැරිලා යන අවුරුදු ගානට ඒ තරම් අමුතුම පුදුමාකාර ජිවීතයක් ගෙවන එකම සත්ව කොට්ඨාසේ මිනිස්සු වෙන්නැති... රස්සාව, ආදරේ, පවුල, යුතුකම්, වගකීම් මේ ඔක්කොම කොයිතරම් නම් බරයිද ?ඇත්තටම අපිටත් බැරිද අනිත් සත්තු වගේ නිදහසේ ජීවත් වෙන්න...

ඔඩොක්කුවේ ඉන්න පූසගේ සිනිදු ලොම් අතගාන ගමන් මං හිත හිත හිටියේ ඒක... පූසන්ට තියෙන්නේ මාර සැප ජීවිතයක් ආහ් නැද්ද... කනවා නිදියනවා කනවා නිදියනවා... කිසිම ප්‍රශ්නයක් නෑ... අපරාදේ මාත් පූසෙක් වත් වුනානම් සැපේ ඉන්න තිබ්බා.... කොහෙද ඉතින් පින් වැඩි වෙලා මනුස්සයෙක් වුනානේ...

" ඔය සතාව උයලා කනවද බැදලා කනවද ඩෙවල් දානවද කියලද ඔච්චරම හිතන්නේ ආහ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔය සතාව උයලා කනවද බැදලා කනවද ඩෙවල් දානවද කියලද ඔච්චරම හිතන්නේ ආහ් ... "

පූස් පැටියව උකුලේ තියාගෙන ඌගේ සිනිදු ලොම් වල පහස විද විද සිතුවිලි ලෝකේක අතරමං වෙලා හිටිය මාව ආපහූ මේ ලෝකෙට ආවේ නිකිල්ගේ කටහඩින්..

" මෝඩයා... මේ අහිංසකයාට ඇහෙන්න ඔය වගේ නපුරු කතා කියන්න එපා... "

" ආහ් දැන් ඔයාට මාවද වටින්නේ ඔය කම්මැලි පූස් තඩියවද ? "

" එයා තාම පූස් පැටියෙක් නිකිල්... පූස් තඩියා කියන්න එපා "

" එහෙනම් ඔයා ඔය පූස් තඩියා එක්කම ඉන්නවා.. එන්නෙපා මං ළඟට.. මට දැන් තේරිලා තියෙන්නේ ඔයාට මාව එපා වෙලා තියෙන්නේ කියලා සුදු අයියේ.... කතා කරන්න එපා මාත් එක්ක..."

අතේ තිබ්බ තේ සද්දෙන් මෙසේ උඩ තිබ්බ නිකිල් මටත් ගස්සගෙන මිදුලට ගියේ ඒ සද්දෙට සනීපෙට නිදන් හිටපු පූස් පැටියත් ඇහැරිලා බිමට පනිද්දි... දැන් හරිනේ මගේ කොල්ලත් නෑ පූස් කොල්ලත් නෑ.. හරිම අගෙයි.. මටත් වෙන්නෙම ඔහොම වැඩ තමයි...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Where stories live. Discover now