දාහත්වෙනි කොටස

52 13 21
                                    

" සුදු අයියේ මට සමාවෙන්න... තරහා ගියා ටිකක් මට.."

හිතන්න ඇති එහෙම කියපු ගමන් මං යාළුවෙයි කියලා.. මං එයාව දූවිල්ලක්වත් තරම්වත් ගනන් ගත්තේ නෑ... හැබැයි වැඩි වෙලාවක් එහෙම ඉන්න වුනේ නෑ.. එයා ඊලඟට කියපු වචන ටිකත් එක්ක මං එකපාරටම එයා දිහාවට හැරුනා...

" මට හෙට උදෙන්ම නුවර යනවා සුදූ... "

" මොකක්ද ? "

මං නිකිල්ගේ පැත්තට හැරුනත් එයා කලේ මට මූණ පෙන්නන්නේ නැතුව පපුවටම තුරුල් වෙච්ච එක...

" නිකිල් මේ බලනවා... මොකක්ද දැන් කිව්වේ අහ්.."

මං බලෙන්ම නිකිල්ගේ මූණ මගේ පපුවෙන් ඈත් කරලා එයාගේ කම්මුල් දෙපැත්තෙන් තද කරලා අල්ලාගත්තේ දැනුනු දුකටද, තරහටද කියන්න මං දන්නේ නෑ.. ඒත් මං ගොඩක් තදින් එයාව ඇල්ලුවා කියලා මට දැනුනේ ඒ ඇස්වලට කදුලු එක දෙක පිරෙන්න ගද්දී.. තදින් අල්ලන් හිටපු අත් බුරුල් කරපු මං නිකිල්ගේ නළලෙන් චූටි හාද්දක් තිබ්බා. 

" නිකී බබා, ඇයි මේ... ඔයාටම නේද මේ ගමන එන්න ඕනි වුනේ.. දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ... කියන්නකෝ මැණික... "

" ඔයා මට ආදරේ නෑනේ සුදු අයියේ... "

" ආදරෙයි බං ආදරෙයි... මට එහෙම දවස තිස්සෙම රොමැන්ටික් වදන් කියන්න නම් තේරේන්නේ නෑ... ඒත් මං දන්නවා මට උඹ නැතුව එක දවසක් වත් ජීවත් වෙන්න බෑ කියලා... "

" ආදරෙයි නම් බං කියන්නේ නෑනේ... "

නිකිල් තවත් ටිකක් මූණ වහගෙන මගේ පපුවටම තුරුල් වුනා... මට හිනා යන්නත් එනවා... රොමැන්ටික් වෙලාවට හිනා යන එක නම් මහ සාපයක්... මං හිනාව ගිලගෙනම ආපහූ නිකිල් දිහා බැලුවා.... එයා කොච්චර ලස්සනද ? කොච්චර හුරතල්ද ? මේ තරම් හුරතල් දකිද්දී ආදරේ හිතන්නේ නැත්තම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ.... නිකිල්ව ඇදේ පෙරළගත්ත මං එයාගේ මුළු මූණම තෙත හාදු වැස්සකින් පුරවලා දැම්මා...

අහලා තියෙනවද රණ්ඩුවකට පස්සේ ආදරේ වැඩි වෙනවා කියලා.. ඒක ඇත්ත වෙන්නැති නිකිල්ව මට අතාරින්න හිතුනෙම නෑ... මං හෙමින් හෙමින් එයා ඇදන් හිටපු ටී ෂර්ට් එක උස්සලා ඒ සුදු බඩ පුරාවටම හාදූ තැවරුවේ කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරෙද්දී... මොලේ දැන් ඇති නවත්තපන් ඕක කියලා සැරෙන් සැරේ පණිවිඩ එව්වත් හදවත තව ඒ හැගීම විදපන් කියද්දී මගේ දෙතොලත් ඒ ස්පර්ශයෙන් මත් වෙලා තිබුණේ... හැමදාම වගේ හදවත ජයගද්දී නිකිල්ගේ උඩු ඇදුම තවදුරටත් එයාගේ ඇගේ තිබුණේ නෑ...

    Frozen Romance  ( මිදුනු හදවත් ) Where stories live. Discover now