ජීවිතයට වසන්තය රැගෙන ගිම්හානයේ පැමිණි සුරදූති ඔබය. ගිම්හාන තුනකුත්, සරත් සෘතු තුනකුත්, සිසිරයන් තුනකුත් වසන්තයෙන් නැහැවූ මායාකාරි ඔබය... ගිම්හානය සිසිල් කළ සිසිරය උණුසුම් කළ සරත් සෘතුවේ දළු ලාපු ආදරය ඔබය. හතර වන ගිම්හානයට කඳුළු වැහි ඇද හරිමින් මා තනිකර ඉගිල ගිය චන්ඩ මාරුතය ඔබය. එතැන් සිට ජීවිතයට පැමිණි ගිම්හාන, සරත්, සිසිර මෙන්න වසන්තයද තනිව දරා ගත යුතු බව ඉගැන්වූ ගුරුවරිය ඔබය... ජීවිතය යනු වසන්තය පමණක්ම නොවන බව පසක් කළ ස්වරගයේ දේවදූතියද ඔබය.