first shot

34 1 0
                                    


අාශ්!!!!!  අයියෝ!!!! "  සාරා නාහෙන් අඩන්න ගත්තේ  තමන්ගෙ ඔලුවත් අල්ලන්...

"අශි... කෝ බං යූ!!! " සාරා ගෙ හැඩුම අහගෙන ඉන්න බැරිම තැන නේහා යූ ව හොයන්න යන්න හැදුවේ ground එක පැත්තට...
"වරෙන් බං... මේකිගේ මිනිහාව එක්කන් එන්න.. අැයි යකු අපිට නෝට් එකක් වත් ලියාගන්න නැනේ මුං එක්ක..."

නේහායි අශි group එකට යද්දි එතන එක කාලගෝට්ටියයි... කබඩි ටීම් එකයි නෙට් බෝල් ටීම් එකයි රන්ඩුවක්... එ අතරේ නේහා ටිකක් එතනට ලං වෙලා බැලුවේ මේ රන්ඩුවේ මුල ඉන්නේ එයා හිතන කෙනාමද කියලා...

නැතුව.. යූ... යුවීනා... කැරලි කොන්ඩේට ලස්සන දුඹුරු අැස්... කොච්චර කිව්වත්.. එයාගේ තිබ්බේ අමුතුම කොලු පෙනුමක්...

"අඩොව් යූ!!!!! සාරාට අායෙත් පැනික් අැටෑක් එකක් බං.. "
වෙන ම  ලෝකෙක හිටපු යු  ව අන්න ඒ විදිහට නේහාට මෙල්ල කරගන්න පුළුවන් වුණා ...
"මොකක්!!!!අඩෝව් යමු ඉක්මනින්!!!! " නෙට් බෝල් ටීම් එකේ කැප්ටන් පවා ඇස් නළලේ තියන් බලන් හිටියේ එක වචනෙකින් කොහොමද මේ දරදඩු කොලු පෙනුමක් තියෙන ගල් හිත මෙල්ල කෙරේ කියලා....ඔව් එක නමකට පුළුවන් ඒ හැමදේම කරන්න...
ඉස්කෝලේ සමහර අය වැරදි විදිහට ඒ දිහා බැලුවත් ,එතන තිබ්බේ ආදරය නෙමෙයි මිතුරුකමක් නෙමෙයි සහෝදරකම කුත් නෙමෙයි....
මේ කිසිම දෙයක් ගෑවිලාවත් නැති අමුතුම බැඳීමක් ... හරියට ආත්මීය බැදීමක් වගේ.....

"සාරා.. බේබි.. කෝ මං දිහා බලන්න... ඕකේ.... U r fine.. Ok... " ගැහෙන සාරා ගෙ ඔලුව ඉබින ගමන් යූ අැයව තමන්ගේ පපුවට තුරුලු කරගත්තා...

"මොකද්ද වුනේ කියන්න බේබි... "

Sara pov

"හ්ම්.. " බෙහෙත් නිසා සන්සුන් වුන අැස් වලින් මම යූ දිහා බැලුවා... එයාට තාම 17...එ්ත් එයාගේ පෙනුම සම්පූර්ණ යෙන්ම පොඩි කොල්ලෙක් වගේ.. එ කැරලි කොන්ඩේ... දුඹුරු අැස්... අාශ්!!!!! We are just besties sara!!!!! මම bi කෙල්ලෙක්... එ්ත් මං එ්ක පිලිගන්න බය නැ... මං අාදරේ කරලා තියෙනවා... හැම පාරම පැරදිලත් තියෙනවා... එ්ත් යූ... එයා straight!!! හහහාහා.. ඉන්න.. මොනාද මේ හිතෙන්නේ!!! සාරා! තමුසේ බෙහෙත් වලට මත් වෙලා!

"යූවිනා... මොකද සාරාට වෙලා තියෙන්නේ.. "

මංචනායක මිස් අැවිල්ල යූ ගෙන් අැහැව්වා.. මංචනායක මිස් අපේ අම්මගේ යාලුවෙක්.. එ නිසාම මට අවදානය ලැබෙනවා වැඩි...

"මිස්.. පැනික් අැටෑක් එකක්.. " යු කවදත් ටීචර්ස්ලට ගරු කරා... එයා කොච්චර දරදඬු වුනත් ගුරුවරු එයාට අාදරේ එ්කයි...

"Omg.. What happened sara? " මංචනායක මිස් මගේ ඔලුව අතගාලා අැහැව්වා... මට ඔ්නේ වුනේ ටිකක් නිදහසේ ඉන්න... මං තව ටිකක් යූ ගේ පපුවට තුරුලු වෙලා එයාගේ උරහිසේ මූන හංගගත්තා...

"නිරාශා... " මට එච්චරයි කියන්න හම්බුණේ... යූ මාව තල්ලුකරලා දාලා වේගෙන් පන්තියෙන් එලියට ගියා... අපේ ලමයිට මේ වගේ දෙයක් අැති කතාවක් හදන්න... නේහාත් එයා එක්ක දිව්වෙ යූ ගෙ හැටි දන්න නිසාමයි..

"සාරා ට මොනා නැතත් හොද යාලුවෙක් නම් ඉන්නවා... "

හ්ම්... යාලුවෙක්...

..............................................................



mrs. AMORWhere stories live. Discover now