"යකෝ ගෝතයෝ තෝ මොකද්ද මේ අපිට කළේ!? මොන තූත්තුකුඩියකටද උඹ අපිව එක්කං ආවෙ? අනෙ අම්මපා මී හරකෙකුට වාහනේ එළවන්න දීපු මටයි පිස්සු" Doyoung ඇත්තටම පිස්සෙක් වගේ කෑගහන්න ගත්තා.
"අම්මටසිරි මූ බලහන්කෝ.. මූ අදයි දන්නේ මුට පිස්සු කියලා😂" මෙච්චර අමාරුවේ වැටිලා ඉද්දිත් lucas බඩ අල්ලන් බොරු හිනා.
"වහපන් කට ගෝතයා! තෝ තමා මේවට වගකියන්න ඕනෙ! බලහං ඉතිං දැන් කලුවරත් වැටිලා, ඉන්න තැනක් දන්නෙත් නෑ යන්න තැනකුත් නෑ, ඒ මදිවට පෙට්‍රලුත් නෑ! පුළුවන් නං දැන් අර එනගමන් කළා වගේ රෙද්ද ගලෝලා ඔලුවෙ ගැටගහන් මූත් එක්ක පෙම් කෙළහං. එහෙමත් නැත්තම් chicken noodle soup ගගා කුකුලෙක් වගේ කෙකර ගාපන්.. කෲහ් ක්‍රෑහ් ක්‍රොහ් ක්‍රොහ්" දෝයොන් පිටසක්වල සද්ද දදා අත් දෙකත් කුකුලෙක් වගේ නවාගෙන ලූකසයා වටේ යන ගමන් කෑ ගැහුවා. සමහරවිට හද්ද පිටිසර නොදන්නා පලාතක අතරමං වෙච්ච පීඩනේ දරා ගන්න බැරුව මෙච්චර කල් යටපත් කරන් හිටපු උපන් ගති නැවත කරලියට වැඩම කරලද කොහෙද.
"උඹ #%%&***&%#@@... ගානට සිග්නල් කට්ටක්වත් නැති පැත්තකට එක්කං ඇවිල්ලා. ගහන්න හිතෙන්නෙ උඹේ දත් ඇන්ද අමාශගත වෙන්න!" ඒපාර ලංකාවට ගොඩ බහිනකම් දෙවි පැටියෙක් වගේ හිටපු Doyoung මහසෝනා ආවේස වෙලා වගේ කෑගැහුවා.
"අනේ අයියේ අපි මොකද්ද කරන්නෙ දැන්? මට බයයි මට අම්මා ඕනේ!!" කමල් පොඩි එකා අඬන්න ගත්තා.
"ආ... ඒ පාර උඹ පටන් ගත්තද හොටු කඳුළු ෆැක්ටරිය අරින්න! නවත්තහං ඔය පෙරන එක.. එද්දි මහ ලොකුවට කිව්වෙ... මං දැන් ලොකුයි මට ඔයා ඕන්නෑ කියලා! කෝ දැන් ඒ පඬි ටෝක්ස්?" ජිමින් මලයණ්ඩිට ඇද කළා.
"ඒ අයියෙ තරහ නොගෙන පොඩ්ඩක් හිතහංකො දැන් මොකද්ද කරන්නෙ කියලා"
"තරහ නොගෙන? තරහ ගන්නෙ නැතුව උඹ මට මොනාද යකෝ ගන්න කියන්නෙ ආ..?! කොස් ඇටද.. කජු ඇටද" ආයෙත් කෑගහපු Doyoungගෙ කටේ සද්දෙට කමල් තවත් අඬන්න ගත්තා. ඉම්හි ඉම්හි.. කමල් මල්ලි චීම්ස් බම්ලා වගේ අඩනවා...
YOU ARE READING
LOST IN අතරමග
Fanfictionබූරුවො වගේ කොල්ලෝ හතරක් රෝද හතරක් උඩ නැගලා යන අම්මටසිරි චාරිකාව... 😌❤️ ඒත් ගමනාන්තය වෙනකන් යන්න පුලුවන් වෙයිද.. 💔 නිවාඩූ කාලෙ තමන් කරන්න කියන්න හිටපු දේවල් ඒ විදිහටම කර ගන්න පුලුවන් වෙයිද.. 🙄 ඒ මදිවට මොලේ හැලුන තැනවත් නොදන්න මේ කොල්ලො හතර දෙනා තම...