අංකල්.. අංකල්.. මාමේ.. මල්ලී.. අඩො මචං උඹ කෝ.. මෙහෙ වරෙන් යකෝ තොපෙ සේවකයෝ ඇවිත් ඉන්නේ කන්න දියවු වැඩ පටන් ගන්න කලින්.. ලූකස් ගේ ඉතිම් කටේ බ්‍රේක් එක කැඩුනේ අර ඉපදිලා දවස් දෙකෙන් දෝයොන් ආදරේට හපපු වෙලාවේ ඉදන් නේ.. එදා ඉදන් මූ අද වෙනකන් කලේ පුලුවන් තරම් හයියෙන් බෙරිහන් දෙන එක විතරයි.. කොහොමත් එතනින් එහාට දෙයක් ඌ දන්නෑ..
මොකෑ මේ බෙරිහන් දෙන්නේ.. මං දන්නවා උඹලා ආ වග.. මට ඈත තියාම පෙනුනා. ආවනම් ඉදගනිම්කො.. දෙන්ට දෙයක් තියෙනවා වැඩ පටන් ගන්න කලියෙම් .. බේකරියේ අයියා එහෙම කියල ගිය පාර ජිමින්ට සතුටු කදුලුත් එනවා.
උඹ කිව්වා හරි ලූකස්.. උදේ පාන්දර පෝරණුවෙන් බාපූ උණු පාන් ගෙඩියක් වෙන්නැති.. මේවගේ බේකරි අයියලා රටට වාසනාවන්.. ජිමින්ගේ සතුට කදුලු ලෙස පොලොව තෙමද්දි තව පොඩ්ඩෙන් සතුට දරා ගත නොහැකිව ඉදගත්ත පුටුවෙනුත් ඇදන් වැටෙනවා.. ඒත් ඒ සතුට තිබ්බේ කොච්චර පොඩ්ඩ වෙලාවද.. බේකරියේ අයියා බාල්දියක් ගෙනත් උන් දෙන්නා මැද්දෙන් තියපු වෙලේ වෙන්නේ මොකක්ද හිතා ගන්න බැරුවයි දෙන්නා හිටියේ.
මෙන්න මේ බාල්දිය මං ඉල්ල ගත්තේ සුමනාගෙන්. ගෙහුන් දෙන්න පුලුවන් නොවැ.. බේකරියේ අයියා එහෙම කියන් බාල්දිය තියලා ගියහම උනු උනුවේ පාන් ගෙඩියක් ගිලින්න හිටපු ජිම්කස් ඩබලට දැනුන ආධ්‍යාත්මික සුවය කොච්චරද කියනවා නම් දෙන්නම බෙල්ල කැඩිච්ච කොක්කු දෙන්නෙක් වගේ බාල්දිය දිහාම බලාගෙන ආනාපානසතිය වඩමින් හිටියා.
දැන් ඉතින් ඕක දුන්නේ බලන් ඉන්න නෙවේ.. මෙන්න මෙහෙට ඇවිත් මේ බෝතලයාගෙන් වැඩ ටික අහන් ඉගෙන ගනිම්.. බේකරියේ අයියා එහෙම කිව්වම බලාපොරොත්තු සුන් වූ දෙනෙතින් බාල්දිය දිහා බලන් උන් ජිම්කස් ඩබල කවුද අඩෝ බෝතලයා වැනි අදහසකින් බේකරිය දිහාට පිය මැන්නා.. බේකරියට ගිය ගමන් උන් දැක්කේ බේකරිය අස්සේ රොටි වගයක් පුච්ච පුච්චා බංකුවක වාඩිවෙලා හිටිය අයියෙක්..
අයියේ.. ඕයී අයියේ.. ලූකස් දෙවෙනි පාරටත් කතා කරපු පාර අයියා හැරිලා බැලුවා..
අයියේ ඔයාද බෝතලේ.. ලූකස් ඇස් දෙකත් පොඩි කරන් හෙන කුතුහලෙන් ඇහුවා.
YOU ARE READING
LOST IN අතරමග
Fanfictionබූරුවො වගේ කොල්ලෝ හතරක් රෝද හතරක් උඩ නැගලා යන අම්මටසිරි චාරිකාව... 😌❤️ ඒත් ගමනාන්තය වෙනකන් යන්න පුලුවන් වෙයිද.. 💔 නිවාඩූ කාලෙ තමන් කරන්න කියන්න හිටපු දේවල් ඒ විදිහටම කර ගන්න පුලුවන් වෙයිද.. 🙄 ඒ මදිවට මොලේ හැලුන තැනවත් නොදන්න මේ කොල්ලො හතර දෙනා තම...