LUCID DREAM

1.2K 304 178
                                    

🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟🔮🌟
🔮🌟🔮🌟🔮

THE LUCID DREAM - LUCID DREAM

මිරර් එක අැතුලට ගිය Jungkook දැක්කේ මොනවද…?

Jungkook හිටියේ ගෙයක් අැතුලේ… එ් ගේ කිසිම වෙනසක් නෑ Jungkook කලින් හීනෙදි හිටිය ගේමයි… කලින් වගේම තැනින් තැන ඉටිපන්දම් පත්තු කරලා තිබුනා… එකම වෙනසකට තිබුනේ හීනෙදි දැක්ක ගෙට වඩා මිරර් එක පිටිපස්සේ තිබුන ගේ ගොඩක් අඳුරුයි… 

Jungkook අාපහු හැරිලා බැලුවේ මිරර් එක දිහා…

~Game has begun. Hide where I can't find you. Otherwise , I'll kill you~

මිරර් එක පුරා ලියලා තිබුනේ ඔහොම… එ්ක දැක්කම Jungkookගෙ හිතේ තිබුන බය තවත් වැඩි වුනේ අැඟම සීතල වෙලා යද්දි… මිරර් එක දිහාම බලාගෙන පස්සෙන් පස්සට ගිය Jungkook නතර වුනේ බිත්තියක හැපිලා… කරන්න ඕනි මොකක්ද කියලා කොල්ලට හරියට තේරුමක් නෑ… මේ වෙලාවේ හිතට මොකුත් එන්නෙත් නෑ… 

HIDE..!!

"මං හැංගෙන්න ඕනි…" 

වටපිට බැලුවත් Jungkookට එ් කාමරේ තිබුන මිරර් එක අැරෙන්න වෙන මොකුත් දකින්න හම්බුනේ නෑ… එතකොටමයි Jungkookට අැහුනේ තමන් දිහාට කවුදෝ අැවිදගෙන එන අඩි සද්දයක්… Jungkook වටපිට බැලුවා… කවුරුත්ම නෑ… එහෙම නැත්තං අඳුරු නිසා කාමරේ අැවිදින කෙනා Jungkookට පේන්නේ නෑ… එ්ත් Jungkookට දිගටම එ් අඩි සද්දෙනං අැහුනා...  එ් නිසාම Jungkook දිව්වේ කාමරේ දොර පැත්තට… කොල්ලා සද්දෙට දොරේ හැපෙන ගමන්ම හැන්ඩ්ල් එක අල්ලලා කැරකෙව්වත් දොර අැරුනේ නෑ… එ් දොර ලොක් වෙලා… එතකොටමයි Jungkook දැක්කේ අනිත් පැත්තේ බිත්තියේ තිබුන තවත් දොරක්… Jungkook දෙපාරක් හිතන්නේ නැතුවම දුවලා ගිහින් එ් දොර අැරගෙන අැතුලට ගියා… දොරෙන් එහාපැත්තේ තිබුනේ කොරිඩෝ එකක්… Jungkook කොරිඩෝ එකට අඩිය තියද්දිම දැනුනේ බිම ලෑලි හෙලවෙන ගතියක්… කොල්ලා එ් නිසාම කොරිඩෝ එක දිගේ ඉස්සරහට දුවගෙන ගියා… අඩිය තියන පාරක් ගානේ බිම තිබුන ලෑලි ගැලවිලා වැටෙද්දි Jungkook පස්ස බල බල පුලුවන් උපරිම වේගෙන් දිව්වා… කොරිඩෝ එක කෙලවර තිබුන දොර අැරගෙනම කොල්ලා එහා පැත්තට පැන්නේ තත්පරයක් හරි පරක්කු වුනොත් තමන් මැරෙයි කියලා හිතට දැනුන බය නිසාමයි… එතනිනුත් කොල්ලා අැවිත් හිටියේ තවත් කාමරේකට… 

TнЄ  LüСїd  DяЄaМ (COMPLETED)Where stories live. Discover now