𝘄𝗶𝘁𝗵 𝘆𝗼𝘂 💕

2.9K 303 31
                                    

මං ජියොන් කම්පැනි එකේ අයිතිකරු ජියොන් ජන්කුක්... ඒත් මේක මගේ කම්පැනි එක කියලා කියනවාට වඩා මගේ අප්පාගේ කම්පැනි එක කියලා කියන්න පුලුවන්... මේ හැමදෙයක්ම මට මට බාර දුන්නත් මේවා මට වඩා පාලනය කරන්නේ එයා...😑 පොඩි කාලේ ඉදන් මේ වෙනකන්ම මගේ හිතට මේ කම්පැනි එක බාර ගන්න ඕනේ ඔයායි හොදට ඉගෙනගන්න කියලා කියලා මාව හැදුවා.. මේක නම්බර් වන් කම්පැනි එක හින්දා මේක එහෙම්මම තියා ගන්නයි අපේ අප්පාට ඕනේ උනේ.. මගේ අප්පා මට කියලා කියලා මාව උස්මහත් කලේ ඒක කියලමයි ඒ හින්දාම මට කැමති හැමදෙයක්ම කැප කරලා එයා වෙනුවෙන් කම්පැනිස් ඔක්කොම බාර ගත්තා...

දවසක්...,

"ජන්කුක්....."

"ඇයි අප්පා.." මං කාමරේ ඉදලාම එහෙම ඇහුවේ මං එලියට යන්නවත් අකැමැති හින්දා... ඒ මේකත් වෙනදා වගේම කාරනයක් තමයී කියලා මං දන්න හින්දාමයි...

"ඇයි එලියට එන්න බැරිද ඔය මහත්තයාට.." මොන සෙද්දක්ද අනේ මට නිදහසක්ම නෑ... මං එහෙම හිත හිතා පහලට ගියා...
පහලට යද්දි හරි මං හිතුව දේමයි වෙලා තියන්නේ...

"ජන්කුක් මේ ඉන්නේ ඔයාගේ fiancee සොන්හී එතකොට දුව මේ ඉන්නේ ජන්කුක්.."
ඒ කෙල්ල ඇවිත් මගේ අතේ එල්ලුනා.. මේක මට හිසරදයක්.. ගිය සතියේ එක්කන් ආපු කෙනාව මං බොහොම අමාරුවෙන් ගලව ගත්තේ මේ දැන් තව එක්කෙනෙක්.. මේ ඇණේ දැන් ගලව ගන්න ක්‍රමයක් කල්පනා කරන්න එපැයි....
"හායි..." මං බොරු හිනාවක් මුහුනේ මවන් කිව්වේ අප්පා මෙතන ඉන්න හින්දාමයි...
.
.
.
ඒ ඇණේ ඉදලා ඉදලා ගියා... මං එලියට ගිහින් කල්පනා කරන් හිටියේ මේ කරදර වලින් කොහොම ගැලවෙන්නද කියලා... අප්පා කිව්ව විදිහට නම් එයා සියොල් වල තියෙන දෙවෙනියාට හොදම කම්පැනි එකේ ඕනර්ගේ දුව.. ඒ කෙල්ලව බැන්දොත් අපේ කම්පැනියට ලාබ ලැබෙනවාලූ ඒ අප්පා කියන විදිහ.. ඒත් මං මගේ සතුට කම්පැනි එකක් වෙනුවෙන් කැප කරන්න වෙනවා මේ අප්පාගේ වැඩ හින්දා...

"කුකී..." මං ගාවට මගේ ඔම්මා ඇවිත් ඉදගත්තා...

"ඔව් ඔම්මා කියන්න.."

"මේකයි ජන්කුක් මේක හැමදාමත් ඔයාට ඉවසන් ඉන්න බෑ නේ.. මං දන්නවා පුතා ඔයා විදින වේදනාව ඔයා කැමති දෙයක්වත් ඔයාට කරන්න නෑ...."

......𝑾𝑰𝑻𝑯 𝒀𝑶𝑼 𝑾𝑰𝑻𝑯𝑶𝑼𝑻 𝒀𝑶𝑼...... *ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ*Where stories live. Discover now