10

1.7K 350 96
                                    

ජිමින් පැක් හවුස් එකෙන් එලියට එනවත් එක්කම දැක්කේ තමං එනකං කාර් එක ඇතුලට වෙලා බලාන ඉන්න යූන්ගිව...

"හහ්..ඒ පාර මට මොන ගිණිගෙඩියක් දෙන්නද දන්නෑ...ඔහොම බලාගෙන ඉන්නේ..."

ජිමින් කාර් එක ලගට යනවත් එක්ක තමං දිහා කටකොනකින් හිනා වෙවී බලන් ඉන්න යූංගි දැකල ජිමින්ට හිතුනා..ජිමින් ලගට එනවත් එක්කම යූංගි තමංගෙ කාර් එක start කරගෙන බලන් උන්නේ..ජිමින් දැං නගියි..දැං නගියි කියලා..ඒත් ජිමින් කාර් එකට නැග්ගේ නෑ...හරියට යූංගි තමං ඉස්සරහ ඉන්නව කියල තමංගෙ දෑහෙට දැක්කේ නෑ වගේ..කාර් එක පහු කරන් ඉස්සරහට ඇවිදන් ගියා..

" තමුන් එහෙමයි එහෙනං ආ..ඉදපං මං එනකන්" යුංගි කෝපය පිරුනු හැගීම් සමුදායක් හිතේ රදවගෙන කාර් එකෙන් බැහැල ගිහිල්ලා තමාට පිටුපාල ඉස්සරහට යන ජිමින්ව තමා ගාවට ඇදල ගත්තේ..ජිමින්ගෙ අතකින් තදින් අල්ලලා.

" අහ්..අතාරිනව මාව" යූංගිගෙ තද වෙච්චි අතට අහුවෙලා ජිමින්ගෙ අත රිදුන්දෙන්ඩ ගත්තා..

" ඇයි මාත් එක්ක ගියාම තමුංගෙ කකුල් ගෙවෙනවද..ආ..වරෙං යන්ඩ."කියල යූංගි ජිමින්ගෙ අතින් ඇදගෙන යන්ඩ හැදුවත් ජිමින් තදින් තමංගෙ අත ගසල දැම්මේ ගෙරවිලි හඩක් පිටකරන ගමන්..

' මං තමුන්ට හීලෑ වෙච්චි සතෙක් කියල හිතුවද..ඔහේ කියන කියන විදියට නැමෙන්ඩ..'

"මං යන්න එන්නේ නෑ...කොහෙත්ම තමුං එක්ක"ජිමින් කිව්වේ ඇස් දෙක බිමට හරෝගෙන..ඒත් ශක්තිමත් හඩකින්..යූංගි ගෙ ඇස් දිහා බලන්න ගියොත් තමංගෙ ධයිර්යය හීන වෙයි කියන බයට..

" ඕහ්...ඒකත් එහෙමද..දැං තමුන්ව එක්කගෙන යන්න මෙතෙන්ට මොකෙක් වත් එනව කිව්වද..හහ්..නැත්තන් තමුං කොහොමද යන්නේ...මේ හරියෙ වාහන යන්නේ නෑ කියල තමුං දන්නැද්ද.."
යුංගි එහෙම කිව්වේ තමංගෙ ඇහි බැමක් හකුලවල තමංගෙ අත් දෙකත් පපුවට බැදගන්න ගමන්..

ඇත්තටම ජිමින් හිතාගෙන හිටියේ..තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා taxi එකක්වත් අල්ලගන්නව කියලා..ජිමින් දැනගෙන හිටියේ නෑ මෙතන ඉදන් කිලෝ මීටර් ගානක් යනකන් වාහනයක් හොයා ගන්ඩ අමාරු බව..තමංගෙ වෘක ස්වරූපයෙන් ගමන පහසු බව දන්නව උනත් ජිමින් කැමති උනේ නෑ මේ උදේ දාඩිය දාගෙන දුවන්න..

𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin Where stories live. Discover now