𝙻𝚊𝚜𝚝

1.5K 292 28
                                    


In the pack house

" හරි..ජින් හ්‍යුන්..මට මහන්සි නෑ..මං පොඩි එකෙක් කියලද හිතන් ඉන්නේ...

බඩකුත් උස්සගෙන ජිමින් හරි හරියට වැඩ...ඇල්ෆා මින්ගෙ අවමංගල්‍ය කටයුතු ඉවර වුනත් ජිමින් තාමත් වැඩ කරමින් හිටියා..කොච්චර සේවිකාවෝ හිටියත් ජිමින්ට ඕන වෙලා තිබුනේ අද ආපු හැමෝටම එයාගෙ අතින්ම කෑම හදල දෙන්න...

" කියන්න.. ඔයාගෙ ඇල්ෆා ඔයාව හොදට බලාගන්නෙ නැද්ද ආ...

ජින් පුන පුනාම ඇහුවේ ජිමින් වැඩ කරන දිහා බලං ඉන්න බැරිම තැන..

" ඔව්..එයා මට ගොඩක් වද දෙනවා..

ජිමින් කිව්වේ හුස්මක් ඉහලට අදිමින් මූණත් ඇදකරගෙන...එයාගෙ අපූරුවට ඉදිරියට ඇවිල්ල තිබ්බ බඩත් අතගාන ගමන්...ජින්ට දැනුනේ ලොකු අසරණකමක්...ජිමින්ව එයාගෙ ඇල්ෆාගෙන් ගලවගන්න එයාට පිලුවන්කමක් නැති වීම සම්බන්දව..

' ඕ...අසරණ ඔමේගා..

ඒ පාර ජින්, ජිමින්ගෙ මූණට ලංවෙලා ගොඩක් ආදරෙන් ඒ මූණ බදන් ඉබගෙන ඉබගෙන යන්න ගත්තා...ජින් තරම් ජිමින්ව තේරුම් ගන්න වෙන කෙනෙක් මේ ලෝකෙ නැති තරම්..

" හරි හ්‍යුන්..ඔය ඇති..

ජිමින් ටිකක් තදින් කිව්වෙ ජින් ගෙ කරදරේ ඉවසගන්නම බැරුව..ඉතින්..හැමදාම වගේ..ජින්ට උනේ ජිමින්ගෙ බැනුම් අහගෙන කට පියාගෙන පැත්තකට වෙන්න..

.
.
.
.
.
.

ඩයිනින්ග් රූම් එකෙන් ඇහුනේ පෙර කවදාවත් මේ හවුස් එකේ ඇහුනේ නැති විදිහේ කතා..අද එයාල හැමෝම පැක් හවුස් එකේ ඉදන් එයාලගෙ හවස් යාමය ගත කරේ එකටමයි..ලොකු කතාබහවල් එක්ක ගෙවුනු අද දවස එයාලගෙ හිත් වල තිබ්බ හැම දුකක්ම නැතිකරගන්න උදව්වක් උනා..ඒත් ජන්කුක් ඒ අතර නොහිටීම පිලිබදව හැමෝම හිටියේ කනස්සල්ලෙන්...

" ජිමින් පැටියෝ..ඔයාට මහන්සි වගේද..

ජිමින්ගෙ මූණෙන් පෙනුනු මහන්සි පාට දැකල ඒ ඇහුවේ ජේස්..ජේ හොප් ගෙ සහකාරිය..ජේස් ඇල්ෆා කෙනෙක් උනත් ඔමේගවරු ගැන ඒ හිතේ තිබ්බේ ලොකු ගෞරවයක්...ඒ වගේම කාටවත් නැති විදිහේ හොද හිතක් ජේස්ට තිබුනා...

𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin Where stories live. Discover now