18

1.4K 307 43
                                    

•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

" ආ.. කොහොමද මේ වගේ තැනක මේව මෙච්චර ලස්සනට හැදෙන්නේ..."

ජිමින්ට කියවුනේ එයා ගමන් කරමින් හිටිය පාලු මාර්ගය දෙපස අපූරුවට හැදිල තිබ්බ රෝස මල් දැකපු පාර..ජිමින්ට පුදුම හිතුනා..අවුරුදු ගානක් ඒ අත් වලින්ම හොදින් සාත්තු කරලත්..එයා කලින් ජීවත් වුනු ගෙදර රෝස මල් පාත්තියවත් මේ තරම් සරුවට හැදිලා තිබුනේ නෑ...ජිමින්ට ඒ ගැන තිබ්බෙ තරහක්..ඉතින් ජිමින්ගෙ කටින් අවුරුද්දකට දෙතුන් වතාවක් වත් නරක වචන නං පිටවෙන්න ඇති...තමංගෙ ඒ නිසරු රෝස මල් පාත්ති වලට බනින්න..

ජිමින් එහෙමම නැවතිලා ඒ මල් දිහා බලාගෙන හිටියේ..ගොඩක් ආසාවෙන්..
ජිමින්ට ඒ අලංකාර මල් ඒ තරම්ම ප්‍රිය උපදවන දසුනක් උනා..ලස්සන පෙති වලින් හැඩවෙච්ච රෝස මල් දිහා බලන් ඉන්න හිතෙන්නෙ නැත්තෙ කාටද ඉතින්..

ඒ මොහොතෙ එතනින් මලක් නැතුව නම් ජිමින්ට යන්න හිත දුන්නෙම නෑ...ඒ මල් දකිනකොට ජිමින්ට මතක් උනේ එයාගෙ ඇල්ෆගෙ මූණ..

ජිමින් ඒ මල් දිහාට නැවිලා..ඒවයින් එකක් ඒ පුංචි ඇගිලි වලින් කඩාගත්තා..එයාගෙ ඇල්ෆට තෑගි කරනවයි කියල හිතාගෙන..
.
.
.
.
ජිමින්ගෙ මහපට ඇගිල්ලෙන් ලේ බිංදු මතුවෙන්න ගත්තේ සියුම් වේදනාවකුත් එක්කමයී..නටුව අග තිබ්බ රෝස් කට්ටක් නොහොබිනා විදිහට එයාගෙ ඇගිල්ලට කරදර කරපු නිසා..

ඒත් ලේ සම්බන්දව ජිමින්ට හොද අත්දැකීමක් තිබ්බා..යුංගිගෙ දරුණු සිපගැනීම් වලින්ම එයාගෙ තොල් කොච්චර තුවාල වෙනවද..ලේ එන්න ගන්නවද..ඉතින් ජිමින්ට එයාගෙ ඇගිල්ලෙන් ආපු මේ චූටි ලේ බිංදුව ගැන කරදර වෙන්න තරම් කිසිම හේතුවක් තිබ්බෙ නෑ...

ඇල්ෆගෙ සිපගැනීම් ගැන හිතමින්ම ජිමින් ආයෙත් හැරුනේ..ඉක්මනින්ම එයාගෙ ඇල්ෆ ලගට ගිහිල්ලා මේ රෝස මල තෑගි කරන්න තිබ්බ ලොකු උවමනාවකින් එයාගෙ ගමන යන්න..

ඒත් නොහිතපු විදියට ජිමින්ගෙ පිටුපසින් ආපු සෙවනැලි ස්වරූපයේ මිනිස්සු එයාගෙ ඇස් බොද කරා..ජිමින්ට තේරුනේ එයාගෙ මුලු වටපිටාවම අදුරු වෙලා යනවා වගේ විතරයි..ජිමින්ගෙ මුහුණ මත තිබුනු ඒ මිනිසුන්ගෙ දරදඩු අත් නිසා ජිමින්ට ලොකු අපහසුවක් දැනෙන්න ගත්තා....දැනෙන්න ගත්ත දැඩි ස්වසන අපහසුතාවය නිසා එන්න එන්නම ජිමින්ගෙ දැග්ලිල්ලත් වැඩි උනා..

එයාගෙ ඇල්ෆට දෙනවයි කියල හිතාගෙන ඒ අත්වලින් ආදරෙන් කඩාගත්තු මල ඒ අතින් ගිලිහිලා බිම වැටුනා..ඒ මලේ පෙති එකින් එක පොඩි වෙන්න පටං ගත්තෙ ජිමින්ගෙම කකුල් වලට පෑගිලා..

ඒ..වෙහෙසකර ඇස් වලින් මතුවෙච්ච කදුලු බිංදු වලට ගලාගෙන යන්න තරං ඉඩක්වත් ඒ කම්මුල් මත ඉතුරු උනේ නෑ..ඒ කම්මුල් සම්පූර්ණයෙන්ම අර අත් වලට නතුවෙලා තිබ්බ නිසා..

ජිමින්ට උදව් ඉල්ලල කෑ ගහන්නවත් ඉඩක් තිබ්බෙ නෑ..ඒ තරම්ම ඉක්මනින් ඒ මිනිස්සු ජිමින්ව ඇදගෙන ගියා...

වෙන දෙයක් තියා..මේ පාලු පාරෙ ජිමින්ට උදව් කරන්නවත්...ජිමින්ගෙ විලාපෙ අහන්නවත්..කවුරුත් හිටියෙත් නැති තරම්..

සමහරවිට..ජිමින් එයාගෙ උත්සාහය අතාරින්න ඇත්තෙ ඒ නිසාම වෙන්න ඇති..හැබැයි ඒ දෙයින් උනේ ඒ මිනිස්සුන්ට ජිමින්ව අරගෙන යන්න තව තවත් පහසු වෙච්ච එක විතරයි..
.
.
.
.
.
.
.
.
.

𝚃𝙾𝚇𝙸𝙲 𝙻𝙾𝚅𝙴 • Yoonmin Where stories live. Discover now