දෙවනි මායාව🌒

660 187 49
                                    



සීතල නපුරු අඳුරු රෑ කට පස්සෙ අද හරිම ලස්සනට ඉර පායලා තිබ්බ. මේ ඉර දන්නෙ වත් නෑ සඳටත් හොරෙන් මේ පොළොව උඩ ඊයෙ රෑ මොකද උනේ කියල.......

සේ ඕ හෙඩ් සෙට් එකකුත් ගහගෙන නට නටම කුස්සිය පැත්තට ආව. ඔය වෙලාවෙ තමයි කෙල්ලගෙ ඔලුවට උඩින් පිඟන් පහක් පාවෙලා ගිහින් කෑම මේසෙ උඩින් තියවුනේ.සින්දුවෙ සිහියෙන් හිටපු සේ ඕ ට නන් වෙන දේවල් ගැන කිසි ගානක් තිබ්බෙ නෑ. තවත් එක එක කෑම ජාති පුරෝපු පිඟන් පෝලිමට අර වගේම ගිහින් මේසෙන් තියවුනා. කෑම මේසෙ ලඟ කිසි කෙනෙක් හිටියෙ නෑ ඒත් හැම පිඟානක්ම හැම හැන්දක් ගෑරුප්පුවක් පිහියක් චොප්ස්ටික් එකක්ම ඉබේම අදාල තැන් වලට ගියා.... තනියෙම.....

කුස්සියේ ඉඳලා එලියට ආපු ජූ හි කෙලින්ම සේ ඕ ගෙ හෙඩ් සෙට් එක ගලවගෙනම මේසෙ ගාවට ගියා. ජු හි ගෙ පස්සෙන් තවත් කිම්චියි පලතුරුයි පුරවපු පිඟන් දෙකක් පාවෙවි ඇවිත් මේසෙන් තියවුනා.

'' ඔන්නි.......... මොකද්ද අනේ...... මගෙ හෙඩ් සෙට් එක දෙන්නකො...........'' සේ ඕ මූණත් බෙරි කරගෙන ඇවිත් ජූ හිගෙ ලඟින් හිටගත්තා. ජූ හි කියන්නෙ මේ පව්ලෙ වැඩිමලා. එයා  හැමවෙලාවෙම තමන්ගෙ නන්ගිලා ගැන අම්ම කෙනෙක් වගේ හොයල බැලුව. සුසෙයො වල තිබ්බ ලොකු ස්කෝලෙක ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් විදිහට තමයි මෙයාව හැමෝම දන්නෙ.

'' ඉස්සෙල්ල ඇවිත් වාඩිවෙලා කන්න ඊට පස්සෙ දෙන්නන්. ඇත්තමයි මට වෙලාවකට හිතාගන්න බෑ තමුසෙ කොහොමද දොස්තර කෙනෙක් උනේ කියල. විභාගෙදි හොර කලාද? මට අදවත් ඇත්ත කියනව.........'' ජූ හි මේසෙන් වැලමිට තියාන ඒ අත නිකටටත් තියාගෙන සේ ඕ දිහා බලාගෙන ඉන්නව.

''පිස්සුද........ ඒවට තමයි හැකියාව කියන්නෙ ....... හැකියාව ලා ලා ලා හැකියාව....''
සේ ඕ කිව්වෙ පොඩි බ්‍රේක් ඩාන්ස් පාරක් දාන ගමන්. සේ ඕ කියන්නෙ සුසෙයො වල තිබ්බ ආණ්ඩුවෙ හොස්පිටල් එකක ඩොක්ට කෙනෙක්. ඒත් දොස්තර කෙනෙක් උනාට කිසිම දොස්තර පාටක් තිබ්බෙ නෑ. කෙලින්ම පිස්සු චරිතයක්.

බ්‍රේක් ඩාන්ස් දාදා හිටපු සේ ඕ එක පාරටම කෑම මේසෙ උඩට වැටුනා ඒ හේ සෝ දාපු කකුල් මාට්ටුවක් නිසා. කෑම සේරම උඩින් ගියා.........  ජූ හි අත් දෙකත් උස්සගෙන කටත් ඇරගෙන ඉන්නව, සේ ඕ නන් මේසෙ උඩ උඩුබෙලි අතට මූණත් ඇඹුල් කරගෙන, පොඩි කකුල් මාට්ටුවකට මෙච්චර හරියක් වෙයි කියල නොහිතපු හේ සෝ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන.  එක පාරටම මේ හැමදේම හැම කෙනාම මේ විදිහටම ගල් උනා. කෑම, පිඟන්, හැදි,  චොප්ස්ටික්...... කැම මේසෙ තිබ්බ හැමදේම තාමත් අහසෙ රැදිල තියෙනව. කෙල්ලො තුන්දෙනාත් තප්පරය ඒ විදිහට එහෙම්මම ඉඳල මේසෙ ලඟින් අයින් උනා. ඊට පස්සෙ අහසෙ පාවෙවී තිබ්බ හැමදේම ආපහු තිබ්බ තැන් වලම පා වෙලා ඇවිත් තියවුනා.........

🌑  මායා 🌕(Completed) Where stories live. Discover now