එකොළොස් වන මායාව 🌓

451 155 21
                                    





" මිනිහා මගෙ කොලේජ් එකේ යාලුවෙක්. සීයයි තාත්තයි ජර්නලිස්ට්ස්ලා උන නිසා පොඩි කාලෙ ඉදලම මිනිහට ඕන උනේ ජර්නලිස්ට් කෙනෙක් වෙන්න. පුදුම පිස්සුවක් තිබ්බෙ. පොලිස් ඇකඩමි එකට යන්න මටත් වඩා එයාට තමා ලකුණු තිබ්බෙ. ඒත් කොහෙද ..........කැමරාවක් උස්සගෙන වටේ ඇවිදින්න ඕන උනානෙ."
තේහියුන් වාහනේ යන ගමන් එක දිගට එයාගෙ යාලුව ගැනමයි කියෙව්වෙ.  කිසි කෙනෙක්ට කනක් ඇහිල ඉන්න බැරි උනා.

කට්ටියම ඇවිල්ල නැවතුනේ.... උස ගේට්ටුවක් දාපු පරන තාලෙට හදපු ගෙදරක.

එදා තෙහියුන් එයාගෙ යාලුවට කතාකරපු වෙලාවෙ එයා කිව්වෙ තවත් දවස් දෙකකින් ආච්චි අම්මගෙ මරණ සංවත්සරේට සීය සුසෙයො වලට එනව කියල. ඉතින් අද මේ කට්ටියම ආවෙ තේහියුන්ගෙ යාලුවගෙ සීයව හම්බෙන්න.

ගේට් එක ඇරගෙන එලියට ආවෙ කොන්ඩෙත් ටිකක් වවපු අත් පුරා ටැටූ ගහ ගත්ත කොල්ලෙක්.

" වී ........... උඹව දැක්ක කල්......... "
ඒ කොල්ල එක පාරටම ඇවිත් වාහනෙන් බැස්ස තේහියුනව උස්සල වඩාගත්තා.

" කුකියා යකෝ............ බිමින් තියපන් බන් සර් ඉන්නව."
තේහියුන් කොල්ලට ගගහා කෑගහනව.

" උඹේ මහලොකු සර් හිටිය කියල මට පාන්ද .......... කොච්චර කාලෙකින්ද මට උඹව හම්බුනේ......... උඹෙ බරත් බැහැල."
කොල්ල ටිකකටවත් තේහියුනව බිමින් තිබ්බෙ නෑ.

හේසොකයි ජිනුයි ජිමිනුයි මේ කෝලම් දිහා බලන් හිටියෙ වෙන කරගන්න දෙයක් නැති නිසා. කොහොම හරි අන්තිමට කොල්ල තේහියුනව බිමින් තිබ්බ.

" සර් .........."
තේහියුන් අනිත් අය ගාවට ගියේ එහෙ මෙහෙ වෙච්ච ෂර්ට් එකත් හදන ගමන්.

" සර් මේ මගේ යාලුව... ජියොන් ජන්ග් කුක්......"

" අන්‍යොංහාසේයෝ......."
කොල්ල ටිකක් ඔලුව නවල කිව්ව.

" මේ මගේ සර් ජන්ග් හේසොක්. එතකොට මේ ජින් සම්බෙ මේ ජිමින්..."
තේහියුන් අදුන්නල දෙද්දි හැමෝම කොල්ලට අත්ට අත දුන්න.

" යමු ඇතුලට සීය ඉන්නව. එන්න.........."

කට්ටියම ගිහින් නැවතුනේ පරන විදිහට ඉන්ටීරියල් ඩිසයින් කරල තිබුන කාමරේක...  ඒ කාමරේ පොඩි මේසයක් ඉස්සරහ බිම  කුෂන් එකක වාඩි වෙලා හීටියෙ වයසක මනුස්සයෙක්. හැමෝම ගිහින් එතන  මේසෙ ඉස්සරහ බිම තිබ්බ අනිත් කුෂන් වලින් වාඩි උනා.

🌑  මායා 🌕(Completed) Where stories live. Discover now