සයවන මායාව 🌖

506 156 12
                                    



අන්ධකාරයෙ රාත්‍රියක් නොහිතපු වෙලාවක අහින්සක ජීවිතයක් බිලි ගනිද්දි මුලු ලොකෙම නිහඬව බලන් හිටියා........

කාටවත්ම කිසි දෙයක් කරන්න බෑ . මොකද මායාවෙ රැජිනිය තාමත් අවධිවෙලා නෑ . ඇය එනකන් මේ අන්ධකාරය පරාජය වෙන්නෙත් නෑ. ඇගේ පැමිණීම පහසුවෙන්නෙත් නෑ...............

මායාවෙ රැජිනිය ........
මායාවක්ම වේවිද?.......
එය දන්නෙ කාලයම පමණයි.........
ඇගේ ආරක්ශකයා ඇයව ආරක්ශා කරයි ද?............
එයත් දන්නෙ කාලයාම තමයි.

.................................................................

උදේම ඉර තමන්ගෙ සැර කිරණ වලින් මුලු පළාතම කලේ හරියට ඊයෙ රෑ උන දේවල් මකන්න හිතාගෙන වගේ........

කොලේජ් එකට යන්න ලෑස්ති උන පිරිමි ලමයි දෙන්නෙක් සුපුරුදු පාරෙන්ම පිටත් උනා. විනෝදෙන් හිනා වෙවී ගිය අයගෙ හිනාව වැඩි වෙලාවක් තිබුනෙ නෑ....... ටික දුරක් යද්දි දෙන්නා දැක්කෙ පාරෙ මුනින් අතට වැටිල ඉන්න ගෑනු කෙනෙක්ව. දෙන්නම හෙමින් හෙමින් ලන්වෙද්දි තමයි දැකෙ ඒ සම්පූර්ණ පැත්තෙම බිම රතු පාටින් පාට වෙලා තියෙනව. තවත් තප්පර ගානක් යද්දි පලාතටම ඇහුනෙ කොල්ලො දෙන්නෙක් ගිරියටින් කෑගහන සද්දෙ.

----------------

ඇඟේ අමාරුවටත් එක්ක හේසොක් අද නිවාඩුවක් දැම්ම. ඒත් කොල්ලට අට වෙනකන් වත් නිදාගන්න බැරි උනේ ජින් දොර කඩන්න වගේ දොරට ගහගෙන ගහගෙන ගිය නිසා.

"මොකද මිනිහො දොර ගලවන්න හදනවද. මේක උබෙ අම්‍මගෙ අප්පගෙ බූදලේ කියල හිතුවද . මාසෙකට විතර ඇතුලට දානව දැනගනින්. බූරුවා මගෙ නින්දත් කැඩුව.උබෙ මොලේ වැඩිල නැද්ද දොරකට මෙහෙමත් ගහනවද
................. ආ......... ජි......න්....."
ඇසුත් පොඩි කර කර ආපු හේසොක් කව්ද ඉන්නෙ කියලවත් නොබලම බැනගෙන ගියා. ඒත් ජින්ව දැකපු ගමන් කට පියා ගත්තා..

ජින්ට නන් හේසොක් කියපු කිසි දෙයක් ඔලුවට ගියේ නෑ. මොකද ජින් හිටියෙ ඔලුව ගිනි අරගෙන. මොකද සිද්ද වෙලා තිබුනෙ හොඳ දෙයක් නෙමෙයි.

" නින්ද නෙමෙයි බන් ඉක්මනට යමන් ...... ඊයෙ අපි ඇවිදපු කිට්ටුවම තවත් කෙල්ලෙක්ව මරල දාලා."
ජින් කිව්ව දේ නිසා හේසොක් ගෙ නින්ද පස්සෙ දොරෙන්ම පැනල ගියා.

🌑  මායා 🌕(Completed) Where stories live. Discover now