Chapter 5

2.6K 451 104
                                    

#TheBoss

ඕරා කෑ ගහගෙනම ඇඳේ හරස් අතට කොට්ටෙකුත් බදාගෙන බ්ලැන්කට් එක අස්සෙ හොඳට ගුලි වෙලා ඕරාගෙ ඇඟට කකුලකුත් දාගෙන සැප කනේ තියාගෙන නිදන් හිටිය ජිමින්ට හොඳවැයින් පයින් පාරක් ඇදලා ඇරියා. ඒ ශොට් එකට දඩස් ගාලා බදන් හිටිය කොට්ටෙත් එක්කම ඇඳෙන් බිමට වැටුන ජිමින් අහස කඩන් වැටුනා වගේ බය වෙලා හතර අතේ ඔලුව කැරකෙව්වෙ උනේ මොකද්ද කියලා හිතාගන්න බැරුව. ඊටපස්සෙ තමයි කොල්ලා දැක්කෙ ඕරා ඇඳේ එහා කොනේ බ්ලැන්කට් එකෙන් පපුවත් වහගෙන බය වෙලා වගේ එයා දිහා බලන් ඉන්නවා.

"යාහ්හ්හ්... මං තමුන්ගෙ බොස්..."

ඒ වෙලාවෙ තමයි ඕරාත් හරියටම ලඟ හිටිය කෙනාගෙ මූන දැක්කෙ

"තමුසෙ.... බොස් ඉන්න ඕනෙ ඔෆිස් රූම් එකේ මිසක් ඇඳේ නෙවෙයි.... වනචරයා..."

ඕරා යටි ගිරියෙන් කෑ ගහලා ලඟ තිබ්බ කොට්ට දෙකෙනුයි තව නයිට් ටේබල් එක උඩ තිබුන අතට අහු වෙන හැම එකෙන්මයි බිම ඉඳන් හිටිය ජිමින්ට දමලා ගැහුවා

"යාහ් යාහ්හ්හ් රිදෙනවා ගෑනියේ..."

කියාගෙන ජිමින් නැගිට්ටා විතරයි... ඕරා යකෙක් දැක්කා වගේ බය උනා. කෙල්ලගෙ ඇස් දෙක නලලෙ

ඕරාගෙ බය වෙච්ච මූන දැකලා ජිමින් කෙල්ලගෙ ඇස් තිබ්බෙ කොහෙද බලන්න පහල බැලුවා

"හුටා..."

ජිමින් හරියට මේ දැන් ඉපදිච්ච පොඩි එකෙක් වගේ. ඇඟේ නූල් පොටක් නෑ. ක්ශනිකව රතු වේගෙන ආව කොල්ලා ඉක්මණට බිම තිබිච්ච ඊයෙ රෑ ගලෝලා විසි කරපු බාත් රොබ් එක අරන් ඇඳගත්තා

"වල් සතා...."

ජිමින් රොබ් එක ඇඳගත්තට පස්සෙ ආයෙම පියවි සිහියට ආව ඕරා නයිට් ටේබල් එක උඩ ඉතුරු වෙලා තිබුන එකම දේ වෙච්ච නයිට් ලෑම්ප් එකත් ඇදලා ගත්තෙ ජිමින්ට කෙලලා අරින්න. ඒ උනාට වහා ක්‍රියාත්මක උන ජිමින් ඉක්මණට ඇඳට පැනලා ඕරාගෙ අතේ තිබුන ලෑම්ප් එක ආපහු ටේබල් එක උඩින් තියලා ඒ අත ඕරාගෙ ඔලුවට උඩින් ඇඳට තියලා තද කරගත්තා. කෙල්ලට ඒ අත ගලවගන්න ඕන උන නිසා මෙච්චර වෙලා බ්ලැන්කට් එකෙන් පපුව වහන් හිටිය අනිත් අතින් බ්ලැන්කට් එක අතෑරුනා. ඒ වේගෙන්ම ජිමින් ඕරාගෙ ඒ අතත් ඔලුවට උඩින් ඇදට තියලා තද කරගත්තා

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now