Chapter 9

2.5K 430 214
                                    

#TheBoss

ජිමින් ඇහි පිල්ලමක්වත් නොගහ ඕරා දිහා බලන් ඉද්දි ඒකටත් එක්ක හරියන්න ඕරාට ජිමින් දිහා බලාගෙන නන්ස්ටොප් ඇස් පිල්ලම් ගැහුනා

"මොකද තමුන්ගෙ කට ඇලිලාද... නැත්තන් දිව ගිලිලද කතා කරන්නෙ නැත්තෙ. කියන්න දෙයක් නැත්තන් මෙතන ඉඳලා මගේ කාලෙ කන එකේ තේරුමක් නෑනෙ මං යන්නම්"

කියලා ජිමින් යන්න හැරුනත් ඕරා ඉක්මන් වෙලා ජිමින්ගෙ අත අල්ලගත්තා

"මියාන්හේයෝ..."

කෙල්ල එයාගෙ අතත් අල්ලන් ඔලුව බිමට බර කරන් කිව්වා. එයාගෙ කටහඬ හොඳටම බිඳිලා. ජිමින්ට ඒක අඳුරගන්න අමාරු උනේ නෑ. කොල්ලා ඉක්මණට ඕරාගෙ මූන එයාගෙ අත්දෙකට හිර කරගෙන හිමීට කෙල්ලගෙ මූන ඉස්සුවා

"ඇයි දැන් සමාව ඉල්ලන්නෙ"

තාමත් බිමට බර වෙලා තියෙන ඕරාගෙ ඇස් දිහා බලන් ජිමින් ඇහුවා. ඒ එක්කම වගේ කෙල්ලගෙ ඇහැක් අග බිමට වැටෙන්න නලිය නලිය හිටිය කඳුළු බිංදුවක් කම්මුල දිගේ රූටලා ඇවිත් ජිමින්ගෙ අතේ වැදිලා අතුරුදහන් වෙලා ගියා

"ජි... ජින් ඔප්පා... මේම්.."

"ආහ් දන්නව නෙහ්.... මං හිතුවෙ මාව අඳුරගන්න බැරි උනා වගේ ඒකත් තේරුම් ගන්න බැරි වෙන්න ඇති කියලා මේ මෝඩ මොලේට"

ඕරා ගොත ගගහ කියන්න හදද්දි ජිමින් මැද්දෙන් පැනලා කෙල්ලගෙ නලලට ඇඟිල්ලකින් ඇනලා කිව්වා

"එතන ඔයා හිතනවා වගේ දෙයක් උනේ නෑ. මං ජින් ඔප්"

මේ සැරෙත් කෙල්ලට ඉතුරු ටික කියන්න හම්බුන්නෑ. ජිමින් කෙල්ලගෙ යටි තොලෙන් අල්ලගෙන කෙල්ල කතා කරන එක නැවැත්තුවා

ජිමින් ඕරාගෙ තොල් අතරෙ සිනිඳුවට හාදුවෙන් පිරිමදින ගමන් එයාගෙ අත් දෙක කෙල්ලගෙ ඉනවටෙන් යවලා කෙල්ලව තවත් එයාගෙ ඇඟට තද කරගත්තෙ කෙල්ලට හුස්මත් හිර කරවලා. කෙල්ලගෙ අත් දෙකත් නොදැනිම ගිහින් නතර උනේ ජිමින්ගෙ උරහිස් උඩ

විනාඩියක් විතර දිගට තිබුන ඒ හාදුව ජිමින් අවසාන කලේ ඕරාට පනිශ්මන්ට් එකකුත් දීලා. ඒ කෙල්ලගෙ තොලක් ලේ රහ වෙන්නම හපලා

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now