Chapter 8

2.7K 448 183
                                    

#TheBoss

"හ්‍යුන්ග්.... ඔහ්... ඔයාලා අතුරු මිතුරු කරනවද "

ජන්ග්කුක් එහෙමත් නැත්තන් ජිමින්ගෙ කුකී බබා කෑ ගහගෙන කියාගෙන ආපු දේත් අමතක වෙලා, ඕරාව දැක්ක ගමන් කටත් ඕ අකුරෙ හැඩේට හදාගෙන බිම වාඩි වෙලා ඉන්න කොල්ලයි කෙල්ලයි දිහා බලන් ඇහුවා

ඕරාගෙ කටින් තමන් අහන්න ආස කරපු වචන ටික අහන්න නොදී අන්තිම මොහොතෙ ඒ සුන්දර අවස්තාව කාබාසිනියා කලාට ජිමින්ට කුකී එක්ක කේන්තියි

"නෑ අපි මේ බිංකුන්ඩො හොයනවා... ආ මේ ඉන්නෙ එකෙක්. කෝ කට ඇරපං උබටත් එකෙක් කවන්න. say aaaaaaa....."

කියාගෙන ජිමින් ඕරා ලඟින් නැගිටලා බිම තිබ්බ මොකද්ද කුනු කෑල්ලක් ඇඟිලි දෙකෙන්ම උස්සගෙන කුකීගෙ පැත්තට ගියා. කුකී පස්සෙන් පස්සට ගිහිල්ලා කිචන් කවුන්ටර් එකේ පස්ස වැදිලයි නතර උනේ. කොල්ලා එතකොට දැක්කා ජිමින්ගෙ හාර්ට් පෑන්කේක් ප්ලේට් එකකට දාලා ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි, කොමඩු, දොඩම්, ඇපල්, කෙසෙල් පෙති වලින් වට කරලා ඩෙකරේට් කරලා තියෙන හැටි

"එපා හ්‍යුන්ග් මං බ්‍රෙක්ෆස්ට් ගත්තා. ඕක ඕරා නූනාට අරන් තියන්න. මොකද ඔයාගෙ පෑන්කේක් කනවට වඩා බිංකුන්ඩො කන එක නූනාගෙ සෞඛ්‍ය තත්වයටත් හොඳයි"

කුකී හෙන ලයින් එකක් අල්ලගෙන බඩත් අතගගා ලොකු මිනිහෙක් වගේ කියද්දි ජිමින්ගෙ මූන ඇඹුල් වෙලා ගියා

"යාහ්හ්හ් මගේ පෑන්කේක් වල මොකද්ද තීන වැරැද්ද... කිසිම වැරැද්දක් නෑ කිසිම.... වැරැද්දක් නෑනෙ....🤔"

ජිමින් මුල් ටිකේදි කෑ ගහලා අන්තිම ටිකේදි එයා කිව්වෙ හරි දෙයක්ද කියලා එයාටම සැකයි. ඒ නිසා එයා සද්දෙ බාල කරල අන්තිම ටික කිව්වෙ සිවිලිම දිහා බලාගෙන කල්පනා කරන ගමන්

"නෑ... ඔයාගෙ පෑන්කේක් වල කිසිම වැරැද්දක් නෑ. වැරැද්ද තියෙන්නෙ අපේ බඩවල් වල. ඒවට ඔයාගෙ precious, delicious පෑන්කේක් වල රහ ඔරොත්තු දෙන්නෑ. ඔහ් ගෝඩ්.... කොයි තරම් පව්කාරකමක්ද"

කුකී නලලත් රැලි කරගෙන ඇඟිලි වලින් නලල පිරිමදින ගමන් කිව්වම මෙච්චර වෙලා හොල්මන් වෙලා බලන් හිටිය ඕරාටත් ඒකට බකස් ගාලා හිනා ගියා

The Boss [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Where stories live. Discover now