CHAPTER 21

904 282 15
                                    

Jungkook's Perspective

අපේ කැබින් එක පේනකොට තමයි මට මතක් උනේ ටෝනි මොන්ටානා........ නෑ. ටේටේ හ්යුන්ග් කැබින් එකේ ඇති කියලා. මට දැන් පුලුවන් ටේටේ හ්යුන්ග්ට මගේ හ්හුන්ග්ව ඉන්ට්‍රඩියුස් කරන්නත්!

මම එහෙම හිතාගෙන කැබින් එකේ දොර ඇරියේ ඇතුලේ ටේටේ හ්යුන්ග් ඉන්නවා කියලා දන්න හන්දමයි.

ඒත්...

කැබින් එක ඇතුලේ කවුරුත් හිටියේ නෑ. මම ස්ටෑන්ඩ් එක දිහා බැලුවේ ටේටේ හ්යුන්ග් ගේ වොලට් එක , කා කී එක එහෙම එතන තියනවද කියලා බලන්න. ඒත් ඒවා එතන තිබ්බෙත් නෑ.


"අයියෝහ්හ්හ්"

මම දොරත් ඇරගෙන බාගේට යන්නේ නැතුව ඉන්නකොට හ්යුන්ග් මගෙන් ඇයි කියලා ඇහුවා.

"ඇයි කුක්?"

"මගේ පාර්ට්නර් නෑනේ. මම හ්යුන්ග්ට එයාව පෙන්නන්න හිටියේ."

"මම ආයේ දවසක එන්නම් කුක්."

"හ්යුන්ග් යනවද දැන්"

"මම ඉන්න ඕනේද?"

"ඉන්නකෝ! මට කම්මැලියි තනියම ඉන්න."

"මම ඉන්නම්".

මම හොදට හිනා වෙලා හ්යුන්ග්ට කව්ච් එක පෙන්නුවා.

"මිස්ටර් ජියොන් සොක්ජින්. වාඩි වෙන්න. වතුර තමයි දෙන්න තියෙන්නේ මෙහෙ හැබැයි."

මම හ්යුන්ග්ව අවුස්සන්න කියනකොට හ්යුන්ග් මගේ නලලට ටොක්කක් ඇනලා වාඩි උනා. මම හ්යුන්ග්ට මගේ පේන්ටින්ග් එක පෙන්නුවා. මම ශේප් එකේ ටේටේ හ්යුන්ග් ගේ පේන්ටින්ග් එකත් පෙන්නුවා. ඒක ඉවර වෙන්න හොදටම ලගයි. ඒත් මගේ එක..... තාම 50%ක් වත් ඉවර කරලා නෑ.

මම හ්යුන්ග් එක්ක කතා කර කර පේන්ට් කරා. මට පුදුමයි හ්යුන්ග් අද ඔෆිස් යන්නේ නැති එක. මොකද හ්යුන්ග් කවදාවත් ඔෆිස් යන එක මග අරින්නේ නෑ මොනවා උනත්. ඒත් හ්යුන්ග් කිව්වේ අද කම්මැලි හිතුනා කියලා.

මම වගේ කෙනෙක් ඒ වගේ කතාවක් කිව්වා නම් විශ්වාස කරන්න පුලුවන්. ඒත් හ්යුන්ග් ! හ්යුන්ග් එහෙම කම්මැලි නෑ. හ්යුන්ග් මාත් එක්ක හිටියා හවස 4 විතර වෙනකන්. කොට ජිමින් එනවා කිව්ව හන්ද මම හ්යුන්ග් ට යන්න කිව්වා. හ්යුන්ග් ඉන්න වෙලාවෙ කොට ජිමින් ටේටේ හ්යුන්ග් ගැන කියවන්න පටන් ගත්තොත් එහෙම හ්යුන්ග් මාව ගෙදරම තියා ගනී. ඊයේ රෑ හොස්පිට්ල් එකේ ඉන්නකොටත් කොට ජිමින්ට කෝල් කරාම එයා කියවගෙන කියවගෙන ගියා ටේටේ හ්යුන්ග් ගැන. ෆෝන් කෝල් එකෙන් දත් ගැලවෙන්න පන්ච් කරන්න බැරි හන්දා හිටියා මිසක් අදත් කියවගෙන ආවොත් මම ජිම් ව ගෙදර යවන්නේ දත් නැතුව.

HYUNG | TaeKook × Jin | Completed Where stories live. Discover now