CHAPTER 26

808 274 19
                                    

 
  
Taehyung's POV

පහු ගිය දවස් ටික ඇතුලත ගොඩක් දේවල් වෙනස් උනා. බනීබෝයි. එයා දෙපාරක් මාව කිස් කරා. එකක් මගේ බර්ත්ඩේ එක දවසේ චීක් එකට කිස් එකක් දුන්නා. ඊට පස්සේ දවසක් රෑ... අම්ම්ම්ම්ම්... ඒක කොහොම උනාද කියලා මටත් හිතාගන්න බෑ. කොහොම හරි එදත් චූටි කිස් එකක් හම්බුනා ඒත් ඒක දෙන්නගෙම සහයෝගයෙන් ලොකු එකක් කරගන්න පුලුවන් උනා.

කවුරුත් කෙලින්ම ආස්ක් අවුට් කරේ නැති උනාට අපි දෙන්නම හැසිරුනේ කපල් එකක් විදිහට. අපි දෙන්නම කිව්වට හැම වෙලේම බනී තමයි ලීඩ් එක දුන්නේ ඒකට. මම කරේ ඒකට සපෝර්ට් කරපු එක. මම ඇදට වෙලා කල්පනා කර කර හිටියේ එක්සිබිශන් එකට යන්න තව වෙලා තියන හන්දා.

බනී බෝයී ඊයේ රෑ කිව්ව දේවල් වලට මට හිනා යනවා තාමත්!

"දැන් බනී තියෙන්නේ ගෙදර ගිහින් ඇති වෙන්න නිදාගන්න එක."

මම අන්තිම පේන්ටින්ග් එකත් ෆ්‍රේම් එකට හරියන්න හදලා තියලා බනී දිහා හැරිලා කිව්වා. එයාට එපා වෙලා තිබුනේ ෆ්‍රේම් එකට හරියන්න පේන්ටින්ග් එක හදන්න.. මුලදි එයාගේ වැඩ ස්ලෝව් උනාට අන්තිම දවස් ටිකේ, අන්තිම රෑ ටිකේ මෑන් පුදුම විදිහට වැඩ කරලා මේක ඉවරයක් කරා.

"නෑ ටේටේ. නිදාගන්න කලින් හෝම් ශොපින්ග්!"

මම කිව්ව දේ තේරුනේ නැති හන්දා බනී දිහා බැලුවේ මොකක්ද ඒ කියන මූඩ් එකකින්.

"හෙට ඉවෙන්ට් එකට හ්යුන්ග් මුලු ලෝකේ වටෙන්ම ෆැශන් ඩිසයිනර්ස්ලා ගෙන්නලා ඩ්‍රෙස් හදලා ඇති. මට උදේ වෙනකන් තියෙන්නේ හ්යුන්ග්ගේ හිතටත් හරියන , මගේ හිතටත් හරියන ඩ්‍රෙස් එකක් හොයන එක !"

බනී ගේ හරි ලස්සන පව්ට් එකක් තියෙන්නේ. එයා කිව්වා එයාගේ ස්ට්‍රෝන්ගස්ට් වෙපන් එක එයාගේ පව්ට් එක කියලා. මට ඔය එක එක දේවල් මතක් වෙලා හැම වෙලේම හිනා යනවා!!!

මම ඇදෙන් නැගිටලා ඇවිල්ලා ලෑස්ති වෙන්න පටන් ගත්තා. කලෙක්ශන් එකෙන් බනී දුන්න වොච් එක අතට අරගෙන මගේ නම එන්ග්‍රේව් කරපු තැන ඇගිලි ගෙනියන ගමන් මම බලන් හිටියේ අද මේක දානවද , නැද්ද කියලා. මේක මගේ අතේ තියනව දැක්කම බනීගේ මූනේ හිනාවත් මතක් කරගෙන මම වොච් එක අතට දාගත්තා.
   
    
   
    

HYUNG | TaeKook × Jin | Completed Where stories live. Discover now